EA Info

2022.08.25 – වනාතවිල්ලුව පුහුණු කදවුර පිළිබද පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුව අද දින විභාගයට ගන්නා ලදී

2022.08.25 – වනාතවිල්ලුව පුහුණු කදවුර පිළිබද පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩුව අද දින විභාගයට ගන්නා ලදී

වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුහුණු කදවුර සහ පුපුරන ද්‍රව්‍ය සොයාගැනීම පිලිබද පාස්කු ප්‍රහාරයට සම්බන්ද HC TAB 107/21 දරන නඩුව අද දින පුත්තලම මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වන ලදී. නවුෆර් මවුලවී ඇතුලු විත්තිකරුවන් 6 දෙනෙකුට විරුද්ධව පැවැත්වෙන මෙම නඩුව 25 සහ 26 දිනයන් හීද විභාග වීමට නියමිතය. අද දිනයේදී පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත්වූ පාර්ශ්වයන් වෙනුවෙන් මෙම නඩුවේ පෙනී සිටීම සදහා නීතිඥ මනුශිකා කුරේ සමග පෙනී සිටිමින් නීතිඥ සුරේන් ඩී. පෙරේරා විසින් ඉල්ලීමක් කරන ලද නමුත් මෙම නඩුව නිරීක්ෂණය කිරීමට පමනක් ඔවුන්ට අධිකරණයේ අවසරය හිමි විය. පැමිනිල්ලේ පලමු සාක්ශිකරුගේ මූලික සාක්ශි අද දින නිමවූ අතර හෙට දිනයේදී ඔහුගෙන් විත්තිකරුවන් වෙනුවෙන් හරස් ප්‍රශ්න ඇසීමට නියමිතයි

Leave a Reply