EA Info

2022.09.28 – පාස්කු ඛේදවාචකයේ වින්දිතයින්ගේ ගෙල සිරකරවන සැළසුමක්

2022.09.28 – පාස්කු ඛේදවාචකයේ වින්දිතයින්ගේ ගෙල සිරකරවන සැළසුමක්

පාස්කු ඛේදවාචකයේ වින්දිතයින්ගේ ගෙල සිරකරවන සැළසුමක්.

චුදිතයන් නිදොස්කොට නිදහස් වී වින්දිතයින්ගේ ගෙල සිරකරන පාස්කු ඛේදවාචකය අසාධාරනත්වයේ උච්ඡතම අවස්ථාවට දැන් එළඹ ඇත. පාස්කු ප්‍රහාරයේ වින්දිතයින් වෙනුවෙන් පෙනී සිටි ෂෙහාන් මාලක සහෝදරයාට එරෙහිව කුමණ්ත්‍රණකාරීන්ම පෙරළා නඩු පවරා ඔහු නිහඬ කිරීමේ දියාරු උත්සහයක නිරතවෙමින් සිටී. ඔහු පෙනී සිටියේ තම පුද්ගලික අරමුණක් වෙනුවෙන් නොව බලය සඳහා අහිමි කළ වටිණා ජීවිත 290 ක් වෙනුවෙනි.

පාස්කු ප්‍රහාරය වූ කලී ඉංදීය ශ්‍රී ලංකා බුද්ධි මෙහෙයුමකි. මෙම තිර රචනයේ සිටි සොනික් සොනික් නම් අන්වර්ථ නාමයෙන් සහරාන්ලා ඇමතූ පුද්ගලයා මාතලේ පදිංචි බංඩාර නැමති උප පොලිස් පරික්ෂකවරයා බව හෙළිවිය. ඔහු මෙහෙයවන ලද්දේ රාජ්‍ය බුදධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන විසිනි. එවකට යුධ හමුදා බුද්ධි අංශ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු, CIDය විසින් අදාල පුද්ගලයා රඳවා තබා ගැනීම වැළැක්වූ බව ශානි අබේසේකර උසාවියට ඉදිරිපත් කළ පෙත්සමේ සඳහන් කළේය. උප පොලිස් පරීක්ෂක බණ්ඩාරට පොඩි සහරාන් සමග ඇති සම්බන්ධය ගැන ප්‍රශ්න නොකරන ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ දැනුම්දුන් බව ද ශානි අබේසේකර උසාවියට කරුණු ගෙනහැරපෑවේය. එහෙත් යුක්තිය ඉටු නොවුණි. එමෙන්ම හමුදා බුද්ධි අංශය ප්‍රහාරයට කලින් සහරාන් කල්ලිය ගැන දැන සිටි බව ශානි අබේසේකර උසාවිය හමුවේ ප්‍රකාශ කර ඇත. පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ වෙළුම් 22න් 1 යි. හිටපු නීතිපතිවරයා වූ දප්පුලද ලිවේරා සෘජු ප්‍රකාශයක් කරමින් මේ සිද්ධිය පිටුපස දේශපාලන කුමණ්ත්‍රණයක් පැවති බව ප්‍රකාශ කර ඇත.

සමූහ බුද්ධි මෙහෙයුමේ ප්‍රධාන ඉලක්කය වූයේ ඉංදීය සමාජයේ හිංදු ඡංද මෝදි වටා ඒකරාශි කිරීමට ඉස්ලාම් අන්තවාදී බිය සමාජගත කර මැතිවරණය දිනාගැනීමය. ලංකාවේ විසිරුණු සිංහල ඡංද පදනම බෞද්ධ හා කතෝලික ලෙස බෙදුනු අතර ජනපතිවරණයකදී ලබාගත යුතු නියමිත ඡංද ප්‍රතිශතය දිනාගැනීමට ලක්ෂ 15 කට ආසන්න කතෝලික ඡංද පදනම අතිශයින් වැදගත් විය. විලක්කු දෙකක බලය සඳහා ඇවිලවූ ගින්න පාස්කු ප්‍රහාරය නම් විය. අද වනවිට එහි මහමොළකරුවන් සහය දුන් සියල්ලම නිදොස්කොට නිදහස් වෙමින් පවතී. ප්‍රහාරය සැළසුම් කළ පිරිස මෙන්ම ප්‍රහාරය එල්ලවනවා යැයි සියළු තොරතුරු ලැබෙනවිට නොතකා හැරිය අගමැති හා ජනපති අදටද නීතියෙන් පිටය. ප්‍රහාරය ගැන දැනුවත් වූ හරීන් ඇමතිවරයෙකි. මහමොළකරු ලෝක සවාරිය නිමවා දැං ලංකාවට පැමිණ ඇත. මේ සියළු සාධක නිරීක්ෂණය කරනවිට පාස්කු ප්‍රහාරය එල්ල කර ඇත්තේ මියගිය 290 දෙනා හා ෂෙහාන් මාලකය. මේ නින්දිත අපරාධයට වගකිව යුත්තන් එල්ලන ආණ්ඩුවක් බිහිකර ගැනීමට ප්‍රමාද නොවන්න. මේ ඔබගේ අපගේ සහෘද ජනතාවයි. ඔවුන් වෙනුවෙන් නිර්භයව පෙනී සිටිමු.

Leave a Reply