EA Info

2022.10.14 – මෛත්‍රිපාලව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කැදවන ලද නොතීසිය බල රහිත නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කරයි

2022.10.14 – මෛත්‍රිපාලව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කැදවන ලද නොතීසිය බල රහිත නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කරයි

මෛත්‍රිපාලව පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කැදවන ලද නොතීසිය බල රහිත නොකිරීමට අභියාචනාධිකරණය තීරණය කරයි.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්, පාස්කු ප්‍රහාරය හා සබැඳි 23084/22 දරන මහේස්ත්‍රාත් අධිකරණ නඩුව උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවමින් නොතීසි නිකුත් කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හා එම නඩු කටයුත්ත පවත්වාගෙනයාම අත්හිටවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොණු කර ඇති CA Writ 354/22 දරන රීට් ආඥා පෙත්සම අද (14) දින ද අභියාචනාධිකරණ කාමර අංක 303 හී අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවන ලදී. ඒ අනුව අද දින අභියාචනාධිකරණ විනිසුරුවරුන් නියෝගයක් ලබා දෙන ලදී.

මෙම නියෝගයේ දී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධයෙන් ද සදහන් කරන ලදී. ඒ අනුව අද දින අභියාචනාධිකරණ විනිසුරුවරුන් නියෝගය ලබා දෙමින් සඳහන් කරන ලද්දේ මෙම රීට් පෙත්සම හා සබැඳි කොටුව මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේ දී සති 10ක කාලයක් යනතුරු පෙත්සම්කරුට අගතිදායක තත්ත්වයක් ඇතිවන ආකාරයේ නියෝගයක් ලබා දීමෙන් වළකින ලෙසයි. කෙසේ නමුත් පෙත්සම්කරු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා සිටී නොතීසිය බල රහිත කිරීමේ අතුරු තහනම් නියෝගයක් අද දින නිකුත් නොකරන ලදී.

මෙම නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන 2022 වර්ෂයේ නොවැම්බර් මස 30 හෝ ඊට පෙර ගොනු කරන ලෙස අභියාචනාධිකරණ විනිසුරුවරුන් පාර්ශවයන්ට දන්වා සිටින ලදී.

මෙම නඩුව නැවත 2022 වර්ෂයේ දෙසැම්බර් මස 6 වන දින කැඳවීමට නියමිතය.

අද දිනයේ දී අභියාචනාධිකරණය විසින් නියෝගය ලබා දෙන අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අධිකරණයට පැමිණ සිටියේ ය.

Leave a Reply