EA Info

2023.04.09- පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක්

2023.04.09- පාස්කු ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක්

පාස්කු ඉරු දින ත්‍රස්ත්‍ර ප්‍රහාරය අන්තවාදී මුස්ලිම් කණ්ඩායමක් විසින් සිදුකළ බවට ප්‍රකාශ කෙරුනද එම ප්‍රහාරය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වී ඇති බවට ඇතැම් දේශපාලඥයින්ගේ ප්‍රකාශවලින් පිළිබිඹු වන බව අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පවසයි.

පාස්කු ඉරිදා දිනය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් ඒ බව කියා සියියේය.

පාස්කු ඉරිදා ප්‍රධාන දේව මෙහෙය අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව් මැඳුරේදී පැවැත්වෙයි.

බියෙන් සහ සැකයකින් තොරව එම පූජාවන්ට සහ දේව මෙහෙයන්ට සම්බන්ධ වන ලෙස සියලු කතෝලික ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් මෙහිදී සඳහන් කළේය.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු පදවි ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා,

“අවුරුදු 4ක් ගතවෙද්දි කතෝලික ජනතාවටවත් ශ්‍රී ලාංකිය ජනතාවටවත් සෑහිමකට පත්වෙන්නට බැහැ.. මේ පාස්කු ප්‍රහාරයට ලක්වූවන්ට සාධාරණය ඉටු වූවායි කියලා. ඒ ප්‍රහාරයට සාධාරණය ඉටුකරන්න කොමිසම් 3ක් පත්කෙරුවා. මේක පිටුපස යම්කිසි කුමන්ත්‍රණකාරී දෙයක් සිදුවෙනවා. යම්කිසි කෙනෙක් බලයට පත්වෙන්නට ‌මේක ඈද ගත්තා.. මේක උදවු කරගත්තා. ඒ කියන්නේ මුස්ලිම් අන්තවාදයට එහා ගිය දේශපාලන අතපෙවීමක් තුළ සිදුවුණ දෙයක් කියලා ප්‍රකාශ වෙනවා. ඒ විතරක් නෙමෙයි මෛත්‍රීපාල සිරුසේන මහතා පසුගිය දවසක කියනවා… මේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ෆයිල් භාරදීලා තියෙනවා… ඒ ෆයිල්වල යම් යම් රහසිගත දේවල් තියෙනවා.. ඒවා එළියට දාන්න කියලා ගෝඨාභයට කියන්න කියලා. 

හොඳටම පැහැදිලියි..මේ අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් සිදුකරපු දෙයක් විතරක් නෙමයි ඊට එහා ගිය දේශපාලන හස්තයක් බලය ලබාගැනීම හෝ වෙන කාරණයක් සම්බන්ධයෙන් ඒ අය කරපු ක්‍රියාවක් කියලා.”

Source- newsradio

Leave a Reply