EA Info

2023.04.21-පාස්කු බෝම්බයේ අප දකින බිහිසුණු යථාර්තය

2023.04.21-පාස්කු බෝම්බයේ අප දකින බිහිසුණු යථාර්තය
 ඇසිටෝන් පැරසයිට් හා හයිඩ්‍රජන් පැරසයිට්………..

පාස්කු බෝම්බ ප්‍රහාරයේදී පිපිරුණ බෝම්බ නිෂ්පාදනය සදහා යොදා ගෙන තිබුණේ ටී.ඒ.ටී.පී පුපුරණ ද්‍රව්‍ය බව හෙළිවී ඇත.ඇසිටෝන් පැරසයිට් හා හයිඩ්‍රජන් පැරසයිට් එකතුව නිෂ්පාදනය කෙරෙන මෙය දියර හා කුඩු වර්ග ලෙසද භාවිතා වේ.මෙම රසායන ද්‍රව්‍ය මෙරටට ගෙන්වන එක සමාගමක් වන්නේ ඇවන්ගාඩ් සමාගම බව කියවෙි.නිෂ්පාදනය කෙරෙන බෝම්බ බහලුම් ලෙස භාවිතා කර ඇත්තේ බත්තරමුල්ල සුපිරි වෙළඳසලකින් මිලදී ගත් ගමන් මලුය.ඒවා කරේ එල්ලා ගෙන යන ගමන් මලුය.

පිටතින් පැමිණි දුරකථන ඇමතුමක්……

ඊළගට අපගේ අවධානයට යොමු වන්නේ කොළඹ ටාජ් හෝටලය පුපුරවා හැරීමට ගිය අබ්දුල් ලතීෆ් ජමීල් ගැනය.ටාජ් හෝටලය තුල ගමන් මල්ල තබා පිට වීමට උත්සාහ කළද එහි සිටි ආරක්ෂක නිළධාරියෙකු නිසා හා පිටතින් පැමිණි දුරකථන ඇමතුමක් නිසා යලි ඔහු බෑගය රැගෙන තුන් රෝද රථයකින් වැල්ලවත්තට පැමිණ ඇත.පසුව ඔහු දෙහිවල ට්‍රොපිකල් ඉන් නම් හෝටලයට ගොස් එහි කාමරයක බෝම්බ බෑගය තබා දෙහිවල පිහිටි මුස්ලිම් පල්ලියක යාඥාවට සහභාගි වී තිබේ.එහිදී එහි සිටි ආරක්ෂක නිළධාරියකුට මතුවූ සැකයක් හේතුවෙන් ඔහුගෙන් ප්‍රශ්ණ කළ බව කියවේ ජමීල් එහිදී පවසා ඇත්තේ බිරිඳ සමග ආරවුලක් නිසා තමා නිවසින් පිටව ආ බවය.ආරක්ෂක නිළධාරියා විසින් ජමීල් ගේ බිරිඳගෙන් ඒ ගැන විමසා එය තහවුරු කරගෙන ඇත.ඊට සුළු මොහොතකට පසුව හමුදා බුද්ධි අංශයෙන් බව පවසා ජමීල්ගේ දුරකථනයෙන් පල්ලියේ ආරක්ෂක නිළධාරියා වෙත ඇමතුමක් ලැබී තිබේ.එහිදී හමුදා බුද්ධි අංශ නිළධාරීන් එම ආරක්ෂක නිළධාරියාගෙන් ඉල්ලා ඇත්තේ ජමීල් රඳවාගෙන සිටින ලෙසය.එහෙත් ආරක්ෂක නිළධාරියා එය ප්‍රතික්ශේප කර ඇත.

ජමීල් පල්ලියෙන් පිටවී නැවත ටොපිකල් ඉන් හෝටලයට යන්නේ හා එහිදී පිපිරීමට ගොදුරුවන්නේ මේ පසුබිම තුළය.ඉන් අපට සිතා ගත හැක්කේ ජමීල් පිළිබඳව හා ඔහු සිටින යන එන එන තැන් ගැන හමුදා බුද්ධි අංශ අවධානයෙන් හා පූර්ව දැනුමකින් සිටි බවය.

ඇමරිකන් පෙඬරල් බියුරෝ හෙවත් එෆ්බීඅයි……….

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඇමරිකන් පෙඬරල් බියුරෝ හෙවත් එෆ්බීඅයි හරහා සහරාන් සමග නිතර සන්නිවේදනය කළ පුද්ගලයෙකුගේ ඉන්ටනේට් ප්‍රොටෝකෝල් හෙවත් අයිපී ලිපිනයක් ගැන දැන ගැනීමට සීඅයිඩීයට හැකි විය.එම පුද්ගලයා ප්‍රශ්ණ කිරීමේදී
සහරාන් හා ඔහුගේ සම්බන්ධය ගැන කිසිම තොරතුරක් ලබා දීම ප්‍රතික්ෂේප කෙරිණි.

අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු………

ඉන්පසු ඩීඑම්අයි අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් චූලා කොඩිතුවක්කු හරහා ආරක්ෂක අමාත්‍යංශය එම පුද්ගලයා සීඅයිඩීයෙන් ප්‍රශ්ණ කිරීම වලක්වා ලන ලද්දේ එම පුද්ගලයාගේ මැදිහත්වීම ජාතික ආරක්ෂක හේතු මත කල රහස් හමුදා බුද්ධි මෙහෙයුමක කොටසක් බව ප්‍රකාශ කරමිනි.ඉන්පසුව සීඅයිඩීයට මාතලේ වාසය කළ සහරාන් සමග සම්බන්ධයක් තිබුණ පොඩි සහරාන් හෙවත් මාතලේ සහරාන් නැමති අයකු සොයාගන්නට හැකි විය.ඔහු සීඅයිඩී අත් අඩංගුවට ගෙන ප්‍රශ්ණ කරන විට සොනික්⁣ සොනික් නම් පුද්ගලයකු ගැන අනාවරණය විය.

සොනික් සොනික්……..

පසුව සොනික් සොනික් නම් තැනැත්තාගේ අනන්‍යතාවය හෙළිදරව් කර ගන්නට සීඅයිඩීයට හැකිවිය.එම අනවර්ථ නමින් හැඳින්වූයේ එස්අයිඑස් වෙත අනුයුක්තව සිටි උප පොලිස් පරීක්ෂක බණ්ඩාර බව සීඅයිඩීය දැනුවත් වීමෙන් පසුව ඔහුගෙන් ප්‍රශ්ණ කිරීම ඇරඹිනි.මෙහිදී එස්අයිඑස් බාර නියෝජ්‍ය පොලිස්පති සම්පත් ලියනගේ එම ප්‍රශ්ණ කිරීමේදී සීඅයිඩීයට බාධා කරන ලද්දේ මෙය ජාතික ආරක්ෂක මෙහෙයුමක් බව සඳහන් කරමිනි.

සහරාන් ගේ බිරිඳගේ සාක්ෂි……….

ඊළගට අපට ලියන්නට ඇත්තේ පාස්කු බෝම්බ ප්‍රහාරයට පසුව සාරා ජෙස්මින් ගේ ජවනිකාව ගැනය.කාතන්කුඩි පිපිරීමෙන් පසුව නිවස තුළ සාරා ජෙස්මින් සිටි බවට සහරාන් ගේ බිරිඳගේ සාක්ෂියෙන් තහවුරු වේ.එය තවදුරටත් පොලිස් පරීක්ෂක අබු බකර් ගේ සාක්ෂියකින්ද සාරා ජෙස්මින් ගේ මව ගේ සාක්ෂියකින්ද අනාවරණය වේ.

හැඳුනුම්පතක් හා ටී පනස් හය………

කාතන්කුඩි පිපිරීමෙන් පසුව හමුදාවෙන් එම ස්ථානයට පොලීසියට විමර්ශනය සඳහා ඇතුළුවීමට ඉඩ නොදුන් බව වාර්තාවේ.බෝම්බ පිපිරීමකට ලක් නොවූ ආකාරයේ හැඳුනුම්පතක් හා ටී පනස් හය වර්ගයේ ගිණි අවියක් එහිදී පොලීසියට හමුවිය.පසුව සාරා සම්බන්ධයෙන් කළ ඩීඑන්ඒ පරීක්ෂණ දෙකකින් තහවුරු වූයේ ඇයගේ ශරීර කොටස් එහි නැති බවය.එහෙත් මෑතකදී නැවත සිදු කළ ඩීඑන්ඒ පරීක්ෂණයකදී සාරා ගේ බව පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක වරයා විසින් නිවේදනය කෙරුවේය.කිසිදු අධිකරණ නියෝගයක් නොමැතිව සිදු කළ එම ඩීඑන් ඒ පරීක්ෂණය කාගේ වුවමනාවකට සිදු කළ එකක්ද යන්න සැක සහිතය.

දුරස්ථ පාලක…….

පාස්කු බෝම්බ ප්‍රහාරයේ අප ගේ අදහස ඉදිරිපත් කරන්නේ ඉහත ජවනිකා ඇතුළත් වේදිකාව මත සිටය.සැබැවින්ම අපට මේ සිදුවීම එකින් එක ගෙන විමසන විට තහවුරු වී ඇත්තේ මෙම බෝම්බ පිපිරවීම දෙවන පාර්ශවයක් පිටත සිට දුරස්ථ පාලක මගින් සිඳු කළ බවය.සිද්ධියෙන් මරණයට පත් බෝම්බ ගෙන ගිය තැනැත්තන්ට සැලසුම දී තිබුණේ බෝම්බ බහාලූ ගමන් මලු ඒ ස්ථාන වල තබා පිටව යන ලෙස බව පැහැදිලිය.

බළළුන් ලවා කොස් ඇට බාවා ගැනීම

විශේෂයෙන් මෙම සංවිධානයේ නායකයා වූ සහරාන් එම සිද්ධියේදී මැදිහත් වීම කිසි දිනක මෙය මරා ගෙන මැරෙන කුමන්ත්‍රණයක් නොවූ බවට තහවුරු වන සිදුවීමකි. පාස්කු බෝම්බ ප්‍රහාරය අදෘශ්‍යමාන ප්‍රහාරකයකු විසින් සිදු කළ බළළුන් ලවා කොස් ඇට බාවා ගැනීමක් බව අප දිගින් දිගටම කියන්නේ මේ වටහා ගැනීම තුළය.පාස්කු වේ සැබෑ මිනීමරුවන් තවමත් නිදැල්ලේය.

එය දේශපාලනික ඕනෑ කමකට සිදු කළ මහා මිනිස් ඝාතනයකි.

ඔබගේ පරිත්‍යාගයන් තොරව ලංකා දවස පවත්වා ගෙනයාමට නොහැක.

 

Source: Lanka Dawasa

Leave a Reply