EA Info

2023.06.10-පාස්කු ප්‍රහාරය: නියමිත කෝටි 10 වන්දිය ගෙවා ගන්න බැරිව මෛත්‍රී නීති උපදෙස් පතයි

2023.06.10-පාස්කු ප්‍රහාරය: නියමිත කෝටි 10 වන්දිය ගෙවා ගන්න බැරිව මෛත්‍රී නීති උපදෙස් පතයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් රුපියල් කෝටි දහයක වන්දි මුදලක් ගෙවන ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අධිකරණය නියෝග කළ ත් මේ වන තුරුත් එම මුදල එකතු කර ගැනීමට නොහැකි වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාට නියම කළ වන්දි මුදල ගෙවීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇතැම් පිරිස් මුදල් එකතු කළ ද මේ වන තුරුත් ඔවුන්ට සිය ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ ය.

මින් පෙර අවස්ථා කිහිපයකදී වන්දි මුදල ගෙවා දැමීම සඳහා කෙතරම් මුදල් ප්‍රමාණයක් එක්රැස් වී ඇත්දැයි යන්න විමසුව ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනෙකු ම පැවසුවේ තව ම ත් කොතරම් මුදල් ප්‍රමාණයක් එකතු වී ඇද්ද යන්න ගණනය කොට නොමැති බව ය.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් ඇතුළු පිරිසක් ගොනුකොට තිබූ නඩුවක තීන්දුව ඉකුත් ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත්කරමින් හිටපු ජනාධිපතිවරයාට අධිකරණය නියෝග කළේ මාස හයක් ඇතුළත රුපියල් කෝටි දහයක වන්දි මුදලක් ගෙවන ලෙස ය.

එම වන්දි මුදල ගෙවා දැමීම සඳහා ප්‍රමාණවත් අරමුදල් එකතු වී නොමැති බැවින් ඒ පිළිබඳව කුමක් කළ යුතු ද යන්න හිටපු ජනාධිපතිවරයා නීති උපදෙස් ලබා ගනිමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Source-  Mawbima

Leave a Reply