පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති නඩුවේ අධිචෝදනා වැඩිදුරටත් කියවා දීම කල්යයි …..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති HC TAB 2972/21 නඩුව, ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කොළඹ මහාධිකරණයේදී අද දින (11) කැඳවන ලදී.
2වන, 3වන හා 8වන චූදිතයන් මඩකලපුව මහාධිකරණයේ 3421/21 අංක යටතේ වන නඩුව සදහා ඉදිරිපත් කර ඇති බැවින් ඔවුන්ව ත්‍රි පුද්ගල මහාධිකරණ නඩුකරයට ඉදිරිපත් කර නොතිබුණි. ඒ අනුව මෙම නඩුව වැඩිදුරටත් අධිචෝදනා කියවා දීමට නියමිතව තිබුණද, අධිචෝදනා කියවා දීම අද දින සිදු නොවීය .
අධිචෝදනා විසිදහසකට අධික සංඛ්‍යාවක් සහිත මෙම නඩුවේ වැඩිදුරටත් අධිචෝදනා කියවා දීම සඳහා නැවතත් මෙම නඩුව 2023 අගෝස්තු මස 7,9,10 හා 11 වන දිනයන්හී පස්වරු 2 ට කැඳවීමට නියම කරන ලදී.