EA Info

2023.07.11-HC TAB 2972/21 UPDATE

2023.07.11-HC TAB 2972/21 UPDATE

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති නඩුවේ අධිචෝදනා වැඩිදුරටත් කියවා දීම කල්යයි …..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති HC TAB 2972/21 නඩුව, ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කොළඹ මහාධිකරණයේදී අද දින (11) කැඳවන ලදී. 

2වන, 3වන හා 8වන චූදිතයන් මඩකලපුව මහාධිකරණයේ  3421/21 අංක යටතේ වන නඩුව සදහා ඉදිරිපත් කර ඇති බැවින් ඔවුන්ව ත්‍රි පුද්ගල මහාධිකරණ නඩුකරයට ඉදිරිපත් කර නොතිබුණි. ඒ අනුව මෙම නඩුව වැඩිදුරටත් අධිචෝදනා කියවා දීමට නියමිතව තිබුණද, අධිචෝදනා කියවා දීම අද දින සිදු නොවීය . 

අධිචෝදනා විසිදහසකට අධික සංඛ්‍යාවක් සහිත මෙම නඩුවේ වැඩිදුරටත් අධිචෝදනා කියවා දීම සඳහා නැවතත් මෙම නඩුව 2023 අගෝස්තු මස 7,9,10 හා 11 වන දිනයන්හී පස්වරු 2 ට කැඳවීමට නියම කරන ලදී.

Leave a Reply