EA Info

2023.09.04-HC TAB 107/2021

2023.09.04-HC TAB 107/2021

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වනාතවිල්ලුව ලැක්ටොවත්තේ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම පිළිබඳ නඩුවේ තුන්වන විත්තිකරු CID නිලධාරීට දුන් පාපොච්චාරණය ස්වේච්ඡාවෙන් ලබා දුන්නේ දැයි සලකා බලන voir dire පරීක්ෂණය තවදුරටත්……

PUTTLAM /TAB 107/2021 යන වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව ඊයේ (04) දින පුත්තලම මහාධිකරණයේදී විනිසුරු නිශාන්ත හපුආරච්චි මහතා, විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ නයෝමි වික්‍රමසේකර විනිසුරුතුමිය යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවන ලදී.

මෙම නඩුව අබු හනීෆා මොහොමඩ් මුෆිස් හෙවත් මුෆිස් හෙවත් අබු දහිදා, අමීර් හම්සා මොහොමඩ් හමාස් හෙවත් හමාස් හෙවත් අබු සාෆියා, මොහොමඩ් සරීෆු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා හෙවත් ගෆුර් නානා හෙවත් අබු හදීද්, මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා හෙවත් සාදික් හෙවත් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි හෙවත් අබු සෙයිද් සහ මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් හෙවත් සාජිද් මවුලවි හෙවත් අබු නජා යන විත්තිකරුවන්ට එරෙහිව ගොණු කර ඇත.

මෙදින තුන්වන විත්තිකරු වන මොහොමඩ් සරීෆු ආදම් ලෙබ්බේ සබැඳි voir dire පරීක්ෂණයේදී ඔහුගෙන්  මූලික ප්‍රශ්න ඇසීම අවසන් වූ අතර හරස් ප්‍රශ්න ඇසීම සිදු විය.

මෙම නඩුව නැවතත් 2022 වර්ෂයේ සැප්තැම්බර් මස 05 වන දිනට (අද)  කැඳවීමට නියම කරන ලදී. 

Leave a Reply