EA Info

2023.09.08- ඔව්.., ඒකට බුද්ධි අංශ සම්බන්ධයි..! සලේ විතරක් නොවෙයි, නිලන්ත ජයවර්ධනත්…!  අපි එදා සිට ඒවා කිව්වා..!

2023.09.08- ඔව්.., ඒකට බුද්ධි අංශ සම්බන්ධයි..! සලේ විතරක් නොවෙයි, නිලන්ත ජයවර්ධනත්…!  අපි එදා සිට ඒවා කිව්වා..!

දැන් බොහෝ දෙනෙක් Channel 4 දිහා බලා සිටිති. එහෙත් Chanel 4 ඒ ගැන හිතන්නත් කළින් ලංකා ඊ නිව්ස් අපි නොබියව ඒ කතාව කිව්වෙමු.  

එනම්, පාස්කු ඉරිදා සමූහ ඝාතනයට බුද්ධි අංශ සම්බන්ධයි. අපි ඒ කතාවල් එකින් එක හෙළිදරව් කළෙමු. මේ ලියුම්කරුගේ පෙර ලිපි 41 ක එකතුව කියවා ඒ ගැන මතක් කර ගන්න. 

අද තවත් හෙළිදරව්වක්..

අද අපි ඊටත් වඩා තවත් අලුත් දේ හෙළිදරව් කරමු. ඔබ එදා මෙන් අද ද  ඒවා නිකම් අමතක වෙලා යන්නට හැරිය ද ඒවා ඔප්පු වන දවස දැන් අත ළඟ බව අපි දනිමු. 

සලේ ගේ නම අසාද් මවුලානා ගේ කටින් කියවෙන විට පාස්කු ප්‍රහාරයේ මල කඳන් උඩින් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන එන්නට පාවාඩ එලූ “නයි දෙරණ” ප්‍රමුඛ මාධ්‍ය අපරාධකරුවන් අධෝමුඛයට මිරිස් වතුර වැදුණු සුනඛයන් සේ ලවක් දෙවක් නැතිව දඟලන්නට පටන් ගෙන තිබේ . රාජපක්ෂලා බලයේ තබාගන්නට දශක ගණනාවක් ඔවුන් ගේ කෙබර වලට රැවටුණු ජනතාව ඒවාට යලිත් රැවටීමෙන් වලක්වන්නට අපි මේ කාරනාව මතක් කරමු.  

කවුරුත් පිළිගන්නට බය ඇත්ත කතාව  පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවීම පසුපස හිටපු සහ වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානී දෙදෙනාම  සිටි බවයි. දැන් එය ලංකාවේ රාජපක්ෂ වහලුන් අතලොස්ස සහ ඔවුන් ආරක්ෂා කරන රනිල් රාජපක්ෂ හැරුණු කොට මුළු ජාත්‍යන්තරයම පිලිගෙන තිබේ.

නිලන්ත ජයවර්ධන නීචම මිනීමරුවා ය…

නිලන්ත ජයවර්ධන එනම් එවකට රාජ්‍ය බුද්ධි ප්‍රධානීයා එකී ප්‍රහාරය දියත් කෙරෙන අන්තිම තප්පරය දක්වා දැන සිටි නීචම මිනීමරුවාය. අනිකා මේජර් ජෙනරාල් සුරේෂ් සලේය, සලේ ගෝඨාභය බලයට ගෙන ඒම සඳහා තිරය පිටුපස  සහරාන්ලාගේ  අන්තවාදී කල්ලිය මෙහයවා ඇති බවට සාක්ෂි සහිතව අනාවරණ වෙමින් තිබේ.  දැන් ඔහු  ඔහු රටේ  වත්මන් රාජ්‍ය බුද්ධි ප්‍රධානීයාය.

සලේගේ  බරපතල සැකකටයුතු හැසිරීම් මුලින්ම එකින් එක දිගහැරුනේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කෙරුනු ජනාධිපති විමර්ෂන කොමිසමේදීය. එහෙත් එකී විමර්ෂන ගෝඨාභය බලයට පත්වූ වහාම අතර මග නතර කළේ ය. පසුව එකී ජනාධිපති විමර්ශන වාර්තාව විකෘතිකර සැඟවූ  බව අපි වගකීමෙන් ප්‍රකාශ කරමු. එතැනින් නොනැවතී ඔහු එවකට හිටපු නීතිපතිවරයාට දහසකුත් බලපෑම් කළේ ය. (අපි ඒවා හෙළි කළෙමු. ඒවා ආවර්ජනය කෙරෙන නව ලිපියක් ඔබ වෙත ගෙන එමු.)

ගෝඨාභය ආරක්ෂක ලේකම්ව සිටියදී  ආරක්ෂක අමාත්‍යාංශයේ රහසිගත ගිණුමකින් අන්තවාදී සංවිධාන අටවා එකිනෙකාට එරෙහිව ගැටුම් ගොඩනැගෙන පරිදි එකී සංවිධාන පෝෂණය කළේ ය. එකී  සංවිධාන වල පැවත්ම සහ නඩත්තුව ඔහුගේ බුද්ධි අංශ ලවා දිගින් දිගටම සිදුකළේ ය. ඒවා එකල අධීක්ෂණය වූයේ කපිල හෙන්දාවිතාරණ සහ සුරේශ් සලේ යටතේ ක්‍රියාත්මක වූ කන්ඩායමක් අතිනි. 

බරපතල සැක සහිත පත්කිරීම…

ගෝඨාභය සහ සලේ අතර කොච්චර සම්බන්ධයක් තිබුනාද? කොච්චර විශ්වාසයක් සහ කලගුණ සැලකීමක් තිබුනාද? 

ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූ වහාම ඉතිහාසය පුරා  රටේ ආරක්ෂක අංශ වෙන වෙනම තරගකාරීව සූක්ෂමව පවත්වාගෙන ගිය බුද්ධි ඒකක වහාම විසුරුවා හැර තනි බුද්ධි මූලස්ථානයක් ස්ථාපිත කළේ ය. එහි ප්‍රධානියා ලෙස පත් කළේ සුරේෂ්  සලේ ය.  සලේ බුද්ධි අංශ ප්‍රධානියා කිරීමෙන් ගෝඨාභයගේ  මූලික උපායමාර්ගය වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ සුල මුල සෙවීමට අදාලව ආරක්ෂක අංශ වෙන වෙනම සිදු කර තිබු අතිශයින් වැදගත් සියළුම සාක්ෂි විනාශකර දැමීම ය.  

රටේ දැවෙන ආර්ථික ව්‍යසනයක් තිබියදී රහස් උමගකින් ජනාධිපති මන්දිරයෙන් පලා ගොස් රටින් පලායාමට දෙසතියක් තිබියදී පවා ගෝඨාභය කතා කළේ ඒ ගැන නොවේ. ඒ වෙනුවට රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කමල් ගුණරත්න සහ පොලිස්පති සී ඩී වික්‍රමරත්න ලහි ලහියේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවට යවා  මාධ්‍ය හමුවක් තියා කියෙව්වේ පාස්කු ප්‍රහාරයට ගෝඨාභයගේ කිසිම සම්බන්ධයක් නොමැති බවයි. “පුහුල් හොරා  කරෙන් දැනේ.”

එකී ප්‍රහාරය පිලිබඳව බරපතල හෙලිදරව්වලට බිය වී රටම විපතට ඇද දමා පිස්සෙක් ලෙස කටයුතු කළ ගෝඨාභය රාජපක්ෂ රටින් පලා ගියේ මරණ බය දැනීය. එය එකී ප්‍රහාරයේ සාපය මිස අන්කිසිවක් නොවේ.

තවත් හෙළිදරව්වක් – සලේ විනාශ කළ නාවික හමුදා බුද්ධි තොරතුරු… 

පාස්කු ප්‍රහාරයට පසුබිම්වු කරුනු ඇතුලත්ව 2019 අප්‍රේල් 21 න් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැගෙනහිර විධානයට අයත් විශේෂ බුද්ධි ඒකකය අතිශය වැදගත් බරපතල සාක්ෂි  ගණනාවක් සොයාගෙන තිබිණ. 

එකී බුද්ධි විමර්ශන මගින් නැගෙනහිර පළාතට අයත් අම්පාර. මඩකලපුව, ත්‍රිකුණාමලය ප්‍රදේශවල  හමුදා බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු සාමාජිකයන් කිහිපදෙනෙකු  (මුස්ලිම් සහ සිංහල ජනවර්ගවලට අයත්)  සහරාන්ලා සමග ඉතා සමීපව නිරන්තරයෙන් කටයුතු කර තිබු ආකාරය නිරීක්ෂනය කර තිබිණ. එමගින් හෙලිදරව් වී තිබුනේ එවකට යුද හමුදා බුද්ධි කන්ඩායමක් ඉතා සුහදව සහ ලඟින්ම අන්තවාදී සහරාන්ලා සමග කටයුතු කර තිබූ බවයි.

ගෝඨාභය රාජපක්ෂ විසින් සුරේශ් සලේ රාජ්‍ය බුද්ධි ප්‍රධානියා ලෙස පත්කිරීමත් සමග නාවික හමුදා නැගෙනහිර බුද්ධි අංශ සීසීකඩ විසුරුවා හැර එකී විමර්ෂන වාර්ථා විනාශ කළ ද දෛවයේ සරදමකට අද සුරේශ් සලේ ලා ඇතුළු රාජපක්ෂ ගැති අම්බරු මන්ද බුද්ධිකයන් පසුපස ගොනා පසුපස කරත්තය එන්නා සේ තමන්ට සුළුදිය පහවෙමින් තිබෙන්නේ එදා එකී නාවික බුද්ධි නිලධාරීන් සොයාගෙන තිබු සාක්ෂි සමුදාය වෙනත් දිශා ඔස්සේ හෙලිදරව් වී තිබෙන නිසාය. 

ඊට අමතරව 2018 ඔක්තෝම්බර් සහරාන්ලා එල්ල කරන ලද වව්නතිව් ප්‍රහාරයේදී මියගිය පොලිස් නිලධාරී ඝාතන විමර්ශන වසන්කිරීමට සහ නොමග යැවීමට LTTE  මරාගෙන මැරෙන ඇඳුම්කට්ටල ඝාතනය වු පොලිස් නිලධාරීන්ගේ සිරුරු ආසන්නයට ගෙනැවිත් දැමීම, පාස්කු ඉරිදා සිද්ධි මාලාවට ඇතුළත් එක සිද්ධියකි.  ඒ අවනීතික ක්‍රියාව සඳහා රටේ ජනතාව වැටුප් ගෙවන  හමුදා බුද්ධි අංශ යෙදවීම සිදුකර තිබුනේ සලේගේ මෙහෙයවීම යටතේ ය.

සහරාන්ලාගේ කාත්තන්කුඩි බෝම්බය සහ පාස්කු දා පුපුරවා ගත් බෝම්බ අතර අහසට පොළොව සේ වෙනසක්.. 

2019 අප්‍රේල්  16 කාත්තන්කුඩියේ දී සහරාන්ලා යතුරු පැදියක බෝම්බ පිපිරවීමට අදාලව මෙම කන්ඩායම් යම් මෙහෙයවීමක් සිදුකර ඇත.  එකී පිපිරවීම පාස්කු ඉරිදා බෝමබ පිපිරවීමට පෙර සුදානම් වීමක් ලෙස සැලසුම් කර තිබේ. එකී ප්‍රහාරයේ පුපුරණ ද්‍රව්‍ය සහ අප්‍රේල් 21 පුපුරාගිය බෝම්බ  අතර සංයුතිය සහ තාක්ෂණය  පරතරය අහසට පොළොව මෙන් වෙනස් වුවක් බව STF ඇතුළු පුපුරණ ද්‍රව්‍ය පිලිබඳ  විශේෂඥයන්  අනාවරනය කරගෙන තිබිනි.  කොළඹ ඇතුළු කතෝලික දේවස්ථාන ඇතුලත පුපරාගිය සියළුම බෝම්බ තුන්වන පාර්ශවයක් අතින් සුක්ෂමව උපරිම තාක්ෂණයට අනුව වැඩිම ජීවිත හානියක් සිදුවන පරිදි TNT  පුපරණ ද්‍රව්‍ය යොදා නිශ්පාදනය කොට සහරාන්ලාට කොළඹ දී ලබාදී තිබේ.

ජනාධිපති විමර්ශන කොමිෂම සහ වෙනත් වාර්ථා පදනම් කරගනිමින් සහරාන්ලා සමග ගනුදෙනු කළ බුද්ධි අංශ කන්ඩායම් පිලිබඳව මාධ්‍ය සහ පාර්ලිමේන්තු වාද විවාද මගින් හෙලිදරව් කෙරුනු සෑම මොහොතකම සුරේෂ් සලේ ‘අබ කෑ එකාගේ මොළය දනවා’ සේ CID ය ට පැමිණිලි ගණනාවක් කර තිබේ. අධිකරන වාරණ, වන්දී  ඉල්ලා නඩු  ගොනුකර තිබේ.   

යුක්ති ගරුක රටක නීතිගරුක නිලධාරියෙක් ලෙස හෘදසාක්ෂියක් ඇත්තෙකු ලෙස  දේශපාලන ලැදියාවන් නැති නිලධාරියෙක් නම්, එසේම තමන් ඊට සම්බන්ධයක් නොමැති නම්,  ඔහු කළ යුතුව තිබුනේ එකී විමර්ශන අඩපන නොකොට සෑබෑ මහ මොලකාරයන් හෙලිදරව් කිරීමට සහාය දීම නොවේද?

නිලන්ත සහ සලේ, මරා දැමුනේ නුඹලාගේ දරුවන් නම්…

නිලන්ත සහ සලේ, අප තොපගෙන් ප්‍රශ්නකර සිටින්නේ  කුඩා දරුවන් සියයකට වැඩි පිරිසක ගේ  දිවි අහිමිකල  එකී ම්ලේච්ඡ ප්‍රහාරය තරම්  අහස පොළොව නුහුලන තවත් මහා අපරාධයක් තිබේද යන්නයි.

බලය වෙනුවෙන්  මරා දමන ලද මල් වගේ ඒ දරු දැරියන්, නව යොවුන් තරුණ තරුණියන් වෙනුවට එසේ වූයේ උඹලාගේ දරු දැරියන්ට නම්? උඹලාගේ දරු දැරියන් මරා දමා උඹලා ඉතිරි වුනා නම්….?

පාස්කු ඉරිදා සමූහ ඝාතන ප්‍රහාර මාලාව මගින් ගෝඨාභය බලයට ගෙන ඒමේ වන්දිය ලෙස උඹලාට ගෙවනු ලබන ‘ලේ සල්ලි’ වලින් සහ අපරාධ තනතුරු වලින් යැපෙන, ඒ සල්ලි සහ තනතුරු වලින් සිය අඹුදරුවන් පෝෂනය කරන රාජ්‍ය බුද්ධි අංශවල සෙසු සියලු දෙනා දැනගත යුතු කාරණයක් තිබේ. 

මේ අපරාධයේ ශාපය උඹලා සෑම කෙනෙකුම බලා පැමිණෙන දිනය පැමිණ තිබේ. ඊට කලින් අසාද් මවුලානා මෙන් තමන් දන්නා දේ හෙළිකර ශාපයෙන් ගැලවීමට තවත් සුළු කාලයක් ඉතිරි වී තිබේ. 

සුරේෂ් සලේ සහ  නිලන්ත ජයවර්ධන (බුද්ධි අංශ ප්‍රධානීන්) මේ අපරාධයට හවුල්ය යන්න තහවුරු කරන හොඳම සාක්ෂි දෙකක් පමනක් මේ ලිපියේ අවසානයට සටහන්කරමු.

හොඳම සාක්ෂි දෙකක්..

01. ඉකුත් ජුනි මාසයේ විශ්‍රාම යෑමට නියමිතව සිටි මේජර් ජෙනරාල් සුරේශ් සලේට ගෝඨාභය රාජපක්ෂපගේ නියෝගය පරිදි  වත්මන් ජනාධිපති රනිල් රාජපක්ෂගේ අත්සනින් සේවා දිගුවක් ලබාදී තවදුරටත් එකී රාජ්‍ය බුද්ධි ප්‍රධානී තනතුරේ තබා ගැනීම,

02. හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සිය වගකීම් පැහැර හැරීම නිසා මේ අපරාධය සිදුවීමට ඉඩ හැරීම මගින් මානව අයිතිවාසිකම් කඩ කළ අයකු බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දී ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නැයි පොලිස් කොමිසමට නියෝග දී  තිබියදීත්, ජනාධිපති කොමිසම විසින් ඔහුට විරුද්ධව සාපාරාධී අපරාධ චෝදනා යටතේ නඩු පවරණ ලෙස උපදෙස් දී තිබියදීත් ඒ සියල්ල නොතකා ගෝඨාභය රාපක්ෂගේ නියෝගය මත රනිල් රාජපක්ෂ  විසින් ඔහු තව දුරටත් කිසිම විනය පරීක්ෂණයක් හෝ නොමැතිව පොලිසියේ දෙවැනියා ලෙස සේවයේ තබාගෙන සිටීම. 

අනාවැකිය…

චැනල් 4 වාර්තාව ගැන විමර්ශනයක් කිරීම සඳහා අර නිමල් සිරිපාල ද සිල්වා ගේ ජපන් අල්ලස ගැන විමර්ශනය කිරීම සඳහා පත් කළා සේ කමිටුවක් පත් කරනු ඇති. අවසානයේ සුරේෂ් සලේ නිදොස් කොට නිදහස් කරනු ඇති. ගෝඨාභයගේ ගෙදර ගස්ලබු බෑයක් කෑ තරුණයකු දඬු කඳේ ගහන ගමන් රටේ කුරිරුම මිනීමැරුමේ  අපරාධකරුවන්ට කිරි පොවන බියගුළු නිවට අපරාධ සහායක රනිල් රාජපක්ෂ, නුඹ කරා ද මේ ශාපය නුදුරේදී ම එන බව සටහන් කර තබමු..!  

Source- Lanka E News

Leave a Reply