EA Info

2023.09.11- සහරාන්ලාට කොළඹ සුපිරි හෝටල් වෙන්කළේ ඉහලින් ලැබුනු නියෝගයකට..! ඒ කවුද ? ෂැන්ග්‍රිලා ආරක්ෂාව බාරව සිටියේ පුපුරුවා හැරීම් ගැන විශේෂඥ රාජපක්ෂ පුතෙක්..! සහරාන්ලාට මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ලබාදුන්නේ කොළඹදී..!

2023.09.11- සහරාන්ලාට කොළඹ සුපිරි හෝටල් වෙන්කළේ ඉහලින් ලැබුනු නියෝගයකට..! ඒ කවුද ? ෂැන්ග්‍රිලා ආරක්ෂාව බාරව සිටියේ පුපුරුවා හැරීම් ගැන විශේෂඥ රාජපක්ෂ පුතෙක්..! සහරාන්ලාට මරාගෙන මැරෙන බෝම්බ කට්ටල ලබාදුන්නේ කොළඹදී..!

2018 වසර  එතෙක් මෙතෙක් ඉතිහාසයේ ලංකාව සංචාරක කර්මාන්තයෙන් වැඩිම ආදායම් ඉපැයූ වසරයි.

හිටපු ජනාධිපති පාදඩ සිරිසේනගේ කුප්‍රකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණ මධ්‍යයේ වුවද රුපියල්  මිලියන 2.8 ක වාර්තාගත සංචාරක පැමිනීමක් වාර්තා වී තිබින. සංචාරක පැමිනීම තවත් වර්ධනය වෙමින් 2019 අප්‍රේල් දක්වා එම වසරේ මුල් කාර්තුවේ සංචාරකයන්ගේ පැමිණීම අඛන්ඩව වාර්ථා වී තිබින. එම කාලවකවානුවේ කොළඹ ඇතුළු රටපුරා සංචාරක හෝටල් විදෙස් සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගොස් තිබින. මේ නිසා කොළඹ තරුපන්තියේ හෝටල් කාමර සඳහා දැඩි තරඟකාරීත්වයක් පැවති අතර කාමර වෙන්කරවාගැනීම අනිවාර්යයනේම  කල්වේලාසනින් කරගත යුතුව තිබිණ.

පාස්කු ඉරිදා ජන සංහාරයේ බෝම්බ කරුවන් එම තරුපන්තියේ හෝටල වල නවාතැන් ගන්නේ එම තරඟකාරීත්වය තුළය. එසේ වූයේ කෙසේද?  හැමෝම හුදෙක් channel 4 වාර්තා වැඩසටහන දෙස බලා සිටිද්දී අපි අද හෙළිදරව් කරන්නේ මේ සිද්ධියයි. (පලවා හරින ලද ජනාධිපති ගෝඨාභය, කිරුළු පලන් රාජපක්ෂ කුමාරවරු සහ උන්ගේ සට්ටැඹී ජඩ මාධ්‍ය සමූහය “චැනල් 4 චිත්‍රපටිය” කියා ලුහු කළ ද එය Movie එකක් නොවේ. ගවේශනාත්මක වාර්තා වැඩසටහනක් හෙවත් Documentary එකකි.) 

2020 දෙසැම්බර් 1 දා සිට අපි දිගින් දිගටම හෙළි කළ පරිදි  2019 පාස්කු ඉරිදා ඝාතකයන්ට රාජපක්ෂ ගැති ම්ලේච්ඡ බුද්ධි අංශ සාමාජිකයන්ගේ සහාය සහ අනුග්‍රහය  මුලසිටම ලැබී තිබු අතර එහි ප්‍රමුඛතම කාර්යභාරයක් ඉටුකර තිබෙන්නේ රාජ්‍ය බුද්ධි අංශයේ සේවයේ නිරතව සිටි, රටක බුද්ධි අංශයකට නින්දාවක් වන රාජපක්ෂ වැසිකිලි ශෝධකයන් විසිනි. 

සහරාන්ලාට හෝටල් කාමර වෙන්කෙළේ ඉහල නියෝගයකින් අදිසි හස්තයක්..!

සියළුම පරීක්ෂන වාර්තා සහ කොමිෂන් සභා වාර්තා අනුවද අභිරහස් රැසක් බරපතල සැකසංකා සමග යටපත්කොට තිබෙන පාස්කු ඉරිදා සමූලඝාතන ප්‍රහාර මාලාවේ තවත් එක අභිරහසක් වන්නේ ප්‍රහාර එල්ල කිරීමට පැමිනි සහරාන් ඇතුලු ප්‍රහාරක කන්ඩායම් තුනකට නවාතැන් ගැනීමට කොළඹ තරුපන්තියේ හෝටල් වෙන්කර  තිබීමයි. එම ත්‍රස්තවාදීන් වෙනුවෙන් ෂැන්ග්‍රිලා හෝටලය,  සිනමන්ග්‍රෑන්ඩ් හෝටලය සහ කින්ස්බරි හෝටලයේ කාමර පහසුකම් වෙන්කර තිබිණි. ඒවා වෙන් කර දී තිබෙන්නේ  “අදිසි හස්තයක්” මගිනි. එකී හෝටල් කාමර “ඉහල නියෝගයකට අනුව” වෙන්කර දී තිබෙන බව ඉතා විස්වාසදායක තොරතුරු මාර්ගයකින් සඳහන් කෙරිණි. 

සංචාරකයන්ගෙන් පිරීගිය මෙකී හෝටල් කාමරවලට දේශීය සංචාරකයන් ඇතුළු වුයේ කෙසේද? එය පහසුවෙන් කළ හැකිදෙයක්ද? මේ තරම් සංචාරකයන් අධික වකවානුවක? 

කාත්තන්කුඩිය, සයින්දමරුදු, දෙමටගොඩ, වැල්ලම්පිටිය, ආදී ප්‍රදේශවල  නම් සහ ලිපිනයන් සඳහන් මෙකී ඝාතකයන්ට නවාතැන්ගැනීමට සුක්ෂමව ඉඩ පහසුකම් සලසා දී තිබෙන්නේ මෙකී ප්‍රහාරයේ මහමොළකරුවන්ගේ පැහැදිලි මැදිහත්වීමකිනි. 

ලංකාවේ සුපිරි ධනවතුන්ට සහ ඉහල ක්‍රය ශක්තිය සහිත විදේශික සංචාරකයන්ට පමනක් කල්වේලාසනින් අනිවාර්යෙන්ම  booking ක්‍රමය ඔස්සේ ලබාගත යුතුව තිබෙන මෙකී ඉහල තරුපන්තියේ සංචාරක හෝටල්  නැගෙනහිර පලාතේ සහ කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලට අයත් මුස්ලිම් ජාතිකයන් කිහිපදෙනෙකු නවාතැන් ගත්තේ කෙසේද? 

විමර්ශකයන්ට සහය වන ඉඟි කීපයක්…

ජාත්‍යන්තර පරීක්ෂනයක් කෙරේ නම් ඒ විමර්ශකයන්ට සහය වන ඉඟි කීපයක් තිබේ.

2019 අප්‍රේල් කාලවකවානුව තුල මෙකී හෝටල් සමුහයේ හිමිකාරීත්වය සහ කලමනාකාරීත්වය මෙන්ම ආරක්ෂාව  ඇතුළු සියළුම කටයුතු භාරව සිට ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ දූශිත මිනීමරු රාජපක්ෂ පවුලට සම්බන්ධ පුද්ගලයන්ය. 

ෂැන්ග්‍රිලා හෝටලය ඉදිකලේ ගෝඨාභය ආරක්ෂක ලේකම් ලෙස කටයුතුකළ සමයේ කුණුකොල්ලයට විකුණා දැමු හමුදා මුලස්ථානයට අයත් භූමියේය.  ෂැන්ග්‍රිලා හෝටලය යනු රාජපක්ෂලාගේ කොළඹ සුඛෝපබෝගී නවාතැන්පොලයි. කින්ස්බරි හෝටලය කුප්‍රකට ව්‍යාපාරික  ධම්මික පෙරේරාට අයත් හෝටලයක් වන අතර ධම්මික පෙරේරා රාජපක්ෂ ආණ්ඩුවේ විවිධ තනතුරු දැරුවේය. වර්තමානයේ ද රාජපක්ෂලාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකි. මෙකී හෝටල් කිහිපය රාජපක්ෂ පවුලේ මනදොල සැපරීමට නිතැතින්ම බැඳී සිටියේය. ෂැන්ග්‍රිලා හෝටලයේ රාපක්ෂලා වෙනුවෙන් ඔ්නෑම අවස්ථාවක භාවිතය සඳහා ස්වීට් කාමර 2 ක් නොමිලේ වෙන් කර ඇත.

ෂැන්ග්‍රිලා ආරක්ෂාව බාරව හිටියේ හෙන්දාවිතාරණ සහ පිපිරවීම් විශේෂඥ රාජපක්ෂ පුතෙක්..

ෂැන්ග්‍රිලා හෝටල් ජාලය සහ ඊට අනුබද්ධ නිවාස ව්‍යාපෘතිද ඇතුළු සියළු ව්‍යාපාර ජාලයේ ආරක්ෂක උපදේශකත්වය බාරව සිටියේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ ඔහුගේ ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධාන උපදේශකයා වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට අයත් ආරක්ෂක සමාගමකි. ෂැන්ග්‍රිලා හෝටල් වල ආරක්ෂක අධ්‍යක්ෂක ධූරය බාරව සිටියේ මහින්ද රාජපක්ෂගේ නැගණිය ප්‍රීති රාජපක්ෂගේ (දොස්තර ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස සමග විවාහ වී සිටින) ගේ පුත් හිටපු නාවික හමුදා නිලධාරී මාලක චන්ද්‍රදාස ය. රාජපක්ෂ යුගයේ දී ප්‍රීතිගේ ස්වාමියා රජයේ ආයතන 9 ක ප්‍රධාන ධූර හෙබැවූ අතර පුත්‍රයා මාලක චන්ද්‍රදාස ගෝඨාභයගේ ආරක්ෂාව බාරව සිටියේ ය. 

ෂැනග්‍රිලා හෝටල් සමූහයේ ආරක්ෂක උපදේශක ධූරයට කපිල හෙන්දාවිතාරණත් ආරක්ෂක අධ්‍යක්ෂක ධූරයට මාලක චන්ද්‍රදාසත් ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂයි.

මෙකී මාලක චන්ද්‍රදාස 2017 දී ෂැන්ග්‍රිලා හෝටලයේ ආරක්ෂාව බාර අධ්‍යක්ෂක ලෙස පත්වීමට පෙර ඔහු රැකියාව කෙළේ සිංගප්පූරුවේ බෙත් එල් (ආසියා අප්‍රිකා) පුද්ගලික සමාගමේ ආරක්ෂාව සහ ‘පුපුරුවා හැරීම්’ පිලිබඳ උපදේශකයෙකු ලෙස වීම සැළකිය යුතුය. එමෙන්ම ඔහු නාවික පශ්චාත් උපාධි පාඨමාලාවට උගෙන ඇත්තේ ‘අවිධිමත් යුද්ධ’ සහ විශේෂ මෙහෙයුම් පිලිබඳව වීම ද එමෙන්ම සැළකිය යුතුය.

ෂැන්ග්‍රිලා බෝම්බ පුපුරද්දී පිපිරවීම් විශේෂඥ රාජපක්ෂ පුතා හිටියේ පිලිපීනයේ.. 

අන්තවාදී කන්ඩායමේ නායක සහරාන් නවාතැන්ගෙන මරාගෙන මැරුනු ප්‍රහාරය එල්ලකළේ ෂැන්ග්‍රිලා හෝටලේදීය.

ෂැන්ග්‍රිලා බෝම්බ පුපුරද්දී ආරක්ෂක අධ්‍යක්ෂ මාලක චන්ද්‍රදාස සිටියේ පිලිපීනයේ ය. නමුත් ඔහුගේ ට්විටර් ගිණුමේ ඒ පිළිබඳ කිසිදු සටහනක් යොදන්නේ නැත. කිසිදු ශෝකය පළ කිරීමක් යොදන්නේ ද නැත. ඒ ඇයි? 

සහරාන් ඇතුළු ඝාතකයින් කිසිම චකිතයකින් තොරව ඉහත හෝටල් කිහිපයේ නවාතැන්ගෙන ප්‍රහාර එල්ල කළ ආකාරය බරපතල සැක සහිත සිදුවීමක් වන අතර එකී ඝාතකයින්ගේ සමීප දසුන් මගින් ඔවුන් ආරක්ෂාකාරී පරිසරයක් තුල හිඳිමින් එකී ම්ලේච්ඡ ප්‍රහාරය එල්ලකළ බවට තහවුරු කර තිබින. 

ඝාතකයන්ට පහසුකම් සපයාදුන් ආකාරය රට නොමග යැවීමට ජඩ මාධ්‍ය යොදාගනිමින් රාජපක්ෂ මිනීමරු කල්ලිය ගජබින්න අතහැරි අන්දම ද විධිමත් විදේශීය විමර්ශනයකින් හෙළි කළ යුතුමය.

බෝම්බ ලැබුනේ කොළඹ දී..

අනෙක් ප්‍රධාන කාරණය නම් මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ට උන් පුපුරුවාගත් බෝම්බ ලැබුනේ කෙසේද යන්නයි. 

ප්‍රහාරක කන්ඩායම පුපුරවාගෙන ඇති සියළුම බෝම්බ කොළඹදී ඔවුන්ට ලබා දුන් අධිබලැති බෝම්බ වන අතර වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ මෙකී බෝම්බ නිෂ්පාදනය කළ බවට පැතිර වූ වාර්තා සාවද්‍ය සහ පදනම් විරහිත ඒවාය. ඒ සත්‍ය කතාව සඟවා නොමග යැවීමට ය. 

රටේ තවත් එවැනි බල පෙරලියක් සඳහා නිරායුධ මිනිසුන් මරාදැමීමට එරෙහිව සියළුම දෙනා බේද පසෙක ලා නොබියව යුක්තිය වෙනුවෙන් සටන් කළ යුතුය.  මේ එළැඹ තිබෙන්නේ ඒ සඳහා හොඳම කාල වකවානුවයි.

මේ තොරතුරු විශ්ලේෂණය කළ විට රාජපක්ෂලා, උන්ගේ සට්ටැඹී මැති ඇමතිවරුන් සහ සට්ටැඹී මාධ්‍ය සමූහය කියන විදියට රටේ ආර්ථිකය කඩා වැටුනේ ජනතා අරගලය නිසා නොවේ. රාජපක්ෂලා එය කඩා වැට්ටුවේ 4/21 (මතකද?) සාහසික අපරාධය දා ය.

“සත්‍යය ප්‍රබන්ධයකට වඩා අරුම පුදුමයි”

“සත්‍යය ප්‍රබන්ධයකට වඩා අරුම පුදුමයි” (Truth is Stranger than Fiction) කියා ඉංග්‍රීසි කියමනක් අසා  තිබේ. පසුගිය අවරුදු තුන පුරා අප පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් හෙළිකළ තොරතුරු “ප්‍රබන්ධ” නැති නම් සුරංගනා කතා ලෙස සමහරු සිතන්නට ඇත. අප හෙළි කළ තොරතුරු ප්‍රකාශ කළ නිසා නඩු වලට මුහුණ දෙන අයද සිටිති.  එහෙත් මේ තොරතුරු වල එකම ගුණය ඒවා “සත්‍ය” බවය. දැන් එය තහවුරු වෙමින් තිබේ. 

අපි අද තවත් සුරංගනා කතාවක් වැනි ඇත්ත කතාවක් කීවෙමු.

දැන් විවර වී ඇති අවකාශය තුළ මේ කාරණා ගැන එදා අගමැති අද ජනාධිපති සහ රාජ්‍ය ආරක්ෂක ඇමති රනිල් වික්‍රමසිංහ ගෙන් ප්‍රශ්න කරන ලෙස අපි ඉල්ලමු. එහෙත් මහමොළකාරයන් ආරක්ෂා කිරීමේ පොරොන්දුව මත පස්ස දොරෙන් ජනාධිපතිකම බාරගත් ඔහු ඊට පිලිතුරුදෙනු ඇත කියා අපි නොසිතමු.

Source- Lanka E News

Leave a Reply