පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කුමන්ත්රණයේ සියලු පරීක්ෂණ ඇනහිට තිබෙන ස්ථාන 05ක් පිළිබඳ අපරාධ පරීඛ්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී ජේෂ්ඨ පොලිස් අධිකාරී රවී සෙනෙවිරත්න ඊයේ (18) රාත්‍රියේ ටීඑන්එල් රූපවාහිනී නාළිකාවෙන් විකාශනය කළ ජනහඬ වැඩ සටහනේදී හෙළිකරනු ලැබීය.
හිටපු CID ප්‍රධානියා හෙළිකළ එම විමර්ශන ඇනහිට ඇති ස්ථාන 05 මෙසේය.
1. අබුහිඩ් හඳුනා ගැනීමට බාධා සිදු කිරීම
2. සුරේෂ් සලේගෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට අධිකරණයේ නියෝග ලබා ගැනීමට පවා සිදුවූවද එය කළ නොහැකි වීම.
3. සොනික් සොනික් යන නාමයෙන් හැඳින්වූ බණ්ඩාර පරීක්ෂණ පැවැත්වීම රාජ්‍ය බුද්ධි අංශයෙන් නතර කිරීම.
4. දුරකතන IMEI අංකයක් ලඟින් නැවතීම.
5. වව්නතිව් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යාමටත් පෙර හමුදා බුද්ධි අංශ ලඟාවී තිබීම.
එම සාකච්ඡාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩි දුරටත් එම වැඩ සටහනේදී සඳහන් කළේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමේදී පවා මෙතරම් සංවිධානාත්මකව එකම වේලාවකදී ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සමත් නොවූ බවය. එහෙත් එවැනි තත්වයක් අභිබවා ගිය මෙම ප්‍රහාරය මෙහෙයවා ඉස්ලාම් අන්තවාදී නායක සහරාන් හෂීම් පවා ඝාතන කිරීම මෙහෙය වූ බලවේගයක් මේ පිටුපස සිටියේ යැයි ප්‍රබල සැකයක් පවතින බව අවධාරණය කරනු ලැබීය.
Source- Lankatruth