නඩු විභාගය ඇරඹේ…..
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති HC TAB 292/21 නඩුව,මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මහාධිකරණ විනිසුරු අමල් රණරාජා හා මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කොළඹ මහාධිකරණයේදී අද දින (10) කැඳවන ලදී.
මෙදින පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් පස් දෙනෙකු කැදවා තිබුණි. ඒ අතරින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සේවය කරන ලද නිලධාරිනියකගෙන් මූලික ප්‍රශ්න අසමින් සාක්ෂි ලබා ගැනීම ආරම්භ කරන ලදී.
වැඩිදුර විභාගය සඳහා නැවතත් මෙම නඩුව හෙට දින (11) පස්වරු 1ට කැඳවීමට නියම කරන ලදී.
Next article 2023.10.11- Catholic Committee for Justice writes to President on Easter Attacks probe
