EA Info

2023.10.12- HC TAB 2972/21 Update

2023.10.12- HC TAB 2972/21 Update
නඩු විභාගය තෙවන දිනටත්…..
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති HC TAB 2972/21නඩුව, ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කොළඹ මහාධිකරණයේදී අද දින ද(12) කැඳවන ලදී.  
 
ඊයේ දින සාක්ෂි සදහා කැදවා තිබූ කොළඹ හෝටලයක සේවය කරන ලද නිලධාරියාගෙන් සාක්ෂි විමසීම තවදුරටත්  සිදු කරන ලදී. එහිදී, අද දිනදී පමණක් CCTV Footage 30කට අධික සංඛ්‍යාවක් අධිකරණයේ පුළුල් තිරයක ධාවනය කරමින් පැමිණිල්ලේ සාක්ෂි ලෙස සටහන් කිරීම සිදු විය. 
 
වැඩිදුර විභාගය සඳහා නැවතත් මෙම නඩුව 2023 ඔක්තෝබර් මස 18 හා 19 වන දින පස්වරු 1ටත්, 2023 ඔක්තෝබර් මස 20 වන දින පස්වරු 2ටත් කැදවීමට නියම කරන ලදී.

Leave a Reply