EA Info

2024.04.04- පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක්: දප්පුලගේ කතාව ඇත්තක් වෙලා – සිරිල් ගාමිණී පියතුමා

2024.04.04- පාස්කු ප්‍රහාරය කුමන්ත්‍රණයක්: දප්පුලගේ කතාව ඇත්තක් වෙලා – සිරිල් ගාමිණී පියතුමා

පාස්කු ප්‍රහාරය පසුපස කුමන්ත්‍රණයක් ඇති බවට හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා කර තිබූ ප්‍රකාශය සත්‍යයක් බව හෙළිවන්නේ යැයි කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ඥානාප්‍රදීපය ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා ඊයේ පැවැසීය.

පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉටුකළ යුතු බව ද පියතුමා ඊයේ (03 දා) කොළඹ අගරදගුරු නිල නිවසේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මෙම මාධ්‍ය හමුවේදී තවදුරටත් කතා කළ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මෙසේ ද පැවැසීය.

රටේම බලාපොරොත්තුව තියෙන්නේ මීට සාධාරණය ඉටුකරන්න කියලයි. ඒක කරන්නේ නැතුව මේ විදිහෙ නිකන් සීනි බෝල දෙන්න ගත්තාම ඒක අපි දකින්නේ මේ වින්දිතයන්ටත් මේ රටේ මිනිසුන්ටත් කරන නිග්‍රහයක් හැටියටයි.

අපි හැමවෙලාවේම කියන්නේ ජාත්‍යන්තර මට්ටමේ නිරීක්‍ෂණ කණ්ඩායමක් පත්කරන්න කියලා. ඒක ආණ්ඩුවට ප්‍රශ්නයක් වෙන්නත් ඕනෙ නෑ. රනිල් වික්‍රමසිංහට ප්‍රශ්නයක් වෙන්න ඕනෙත් නැහැ. ඒක ගන්නේ නැත්තම් අපි තුළ සැකයක් මතුවෙනවා ඒක ගන්නේ නැත්තේ තමන්ට වහගන්න තියෙන දේවල් නිසා කියලා.

 

Source- Divaina

Leave a Reply