EA Info

2024.04.07- පාස්කු බෝම්බ ප්‍රහාරයට වසර 5ක් ! සංදර්ශන වලින් එහා ගිය අඛණ්ඩ අරගලයක්?

2024.04.07- පාස්කු බෝම්බ ප්‍රහාරයට වසර 5ක් ! සංදර්ශන වලින් එහා ගිය අඛණ්ඩ අරගලයක්?

පාස්කු ප්‍රහාරයට වසර 5ක් පිරෙනව අප්‍රේල් 21 වෙනිදට.දැනටමත් සමහර කණ්ඩායම් වාර්ෂිකව වගේම පස්වෙනිි වර්ෂ පුර්ණයට  සංදර්ශනාත්මක වැඩසටහන් සැලසුම් කරගනිමින් ඉන්නව වගෙත් පේනව ඊට අමතරව තවත් තව තවත් අය මාධ්‍ය සංදර්ශන වලට ලෑස්ති වෙන සේයාවකුත් තියෙනව.

කොහොම උනත් අත් නෑර පාස්කු බෝම්බ ප්‍රහාරයට එරෙහිව හැම මාසෙකම විරෝධතා ව සංවිධානය කලේ මිගමුවේ පුරවැසි එකතුව.ඒ ගෞරවය අනිවාර්යයෙන්ම ඒ කණ්ඩායමට හිමිවිය යුතුයි.පල්ලිය වින්දිතයන්ව කොටුකරගෙන මේ වගේ විරෝධතා වලට එවන්න සුදානම් නැති පසුබිමකත් මේ බාල්දි හංදියේ මේ විරෝධතාවය ලංකාවේ අඛණ්ඩ පැවැත්වෙන එකම විරෝධතා හැටියට ඒ කණ්ඩායම නඩත්තු කරගෙන ගියා.

දැන් මේ අවුරුදු 5ක් ලබන හින්ද දැන් සංදර්ශනකාරයෝ අර වාර්ෂිකව පවත්වන සහ 5වෙනි වර්ෂ පුර්ණය මුල්කොට ගෙන මං පොර වගේ දේවල් වලට පෙලගැහෙනව වගේ ආරාංචිය පැතිරෙනව
නමුත් මේව නිකන්ම නිකන් සංදර්ශන විතරයි කියල කියන්නේ මේවට විතරක් පාරට එන පෙරහැරවල් තියෙන අත්අල්ලන් ඉන්න ලේබල් කිතුණුවෝ ඊට පස්සේ මේ ගැන මික් නොකියා තමන්ගේ පාඩුවේ පවුල හදාගන්න වැඩේට බරදාල ඒක විතරම කරගෙන යනව
ගිහියන්ට එහා ස්වාමිල. ලේලමක් අයිතිකරගන්න හැප්පෙන්න තියෙන උද්යෝගය මේව වෙනුවෙන් නැ.

මේව සංවිධානය කරන්න වලිකන සමහරක් වැඩ කරන්නේ පිස්සන්ට හැතැක්ම නැ ව⁣ගේ.බාල්දි හංදියේ විරෝධතාවයට 5දෙනෙක් කැන්දන් එන්න බැරි අංකල්ලා දැන් ලොරිටෝක් ඉෂු කරනව.

ඇත්තටම මේක මාධ්‍ය සංදර්ශන තියල ලකුණු දාගන්න ජාතියේ වැඩක් නෙමේ ⁣.මේ තුඡ්ච දේශපාලන බල තන්නාවට  කරපු විනාශයේ වගඋත්තරකරුන්ට නිසි දඬුවම් දිම වෙනුවෙන් පෙළගැහෙන අඛණ්ඩ අරගලයක් සංවිධානය වෙන්න ඕනා.

ඒකයි අද යුගයේ අභියෝගය.

මීට -මීගමු පුරවැසියා.

Source- Meepura

Leave a Reply