EA Info

2024.04.09- පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවනඩුව ගරු රොහාන් සිල්වා (නි.ම.නි) පියතුමා, ඉතාලි රදගුරු සමුළුවේ සභාපති රදගුරු හිමිපාණන්ට දැනුම්දෙයි.

2024.04.09- පාස්කු ඉරිදා ප්‍රහාරයේ අවනඩුව ගරු රොහාන් සිල්වා (නි.ම.නි) පියතුමා, ඉතාලි රදගුරු සමුළුවේ සභාපති රදගුරු හිමිපාණන්ට දැනුම්දෙයි.

 

ගරු රොහාන් පියතුමාගේ ඉල්ලීම මත ඉතාලි රදගුරු සමුළුවේ සහය යුක්තියේ ගමනට.
පාස්කු ඉරුදින ම්ලේච්ඡ ප්රහාරයට වසර පහක් ගතවන අප්රේල් මස 21 දා ඉතාලියේ රදගුරු සංසදයේ සභාපති හිමිපාණන්ගේ ප්රධානත්වයෙන් විශේෂ දිව්ය පුජාවක් පැවැත්වීමට “පාස්කු ඉරිදින ප්රහාරයට යුක්තිය උදෙසා ඉතාලි – ශ්රී ලංකා සංසදයේ” ඉල්ලීම මත දැනටමත් සුදානම් කර ඇති බව සමාජ හා සාමයික කේන්ද්රයේ අධ්යක්ෂ ගරු රොහාන් සිල්වා (නි.ම.නි.)පියතුමා සඳහන් කළේය.
මේ වනවිට ඉතාලියේ සංචාරයක නිරතව සිටින උන්වහන්සේ ඉතාලි රදගුරු සමුළුවේ සභාපති හා බොලොඤ්ඤා රදගුරැ පදවියේ රදගුරැතුමන් වන ගරැ කාදිනල් මත්තේවු මරියා සුප්පි හිමිපාණන් මුණ ගැසැනු අවස්ථාවේ දි එම තීරණය ගැන සිය ස්තුතිය ප්රකාශ සිටියහ.
එම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වීමට ඉතාලියේ සිටින සෑම ශ්රී ලාංකිකයෙකුටම “පාස්කු ඉරිදින ප්රහාරයට යුක්තිය උදෙසා ඉතාලි – ශ්රී ලංකා සංසදයේ” ආරාධනා කර සිටී.
ඉතාලි රදගුරු සමුළුවේ සභාපති හා බොලොඤ්ඤා රදගුරැ පදවියේ රදගුරැතුමන් වන ගරැ කාදිනල් මත්තේවු මරියා සුප්පි හිමිපාණන් සමඟ ගරු රොහාන් සිල්වා පියතුමා, ඇතුළු ඉතාලියේ වෙසෙන නියෝජිත කණ්ඩායමක් සාකච්ඡා කළ අතර ඒසම්බන්ධයෙන් මෙසේ ප්රකාශ කළේය.
ඉතාලි රදගුරු සමුළුවේ සභාපති හා බොලොඤ්ඤා රදගුරු පදවියේ රදගුරුතුමන් වන ගරු කාදිනල් මත්තේවු මරියා සුප්පි හිමිපාණන් මුණගැසී පාස්කු ප්රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරවාගැනීමට අපගේ උත්සහය පිළිබඳව දැනුම්දුන්නා. ඉතාලියේ රදගුරු සංසදයේ සභාපති හිමිපාණන් ලෙස මෙම යුක්තියේ ගමනට දායකත්වය ලබාදෙන ලෙස ඉල්ලා සිටියා. උන්වහන්සේට කළ හැකි සියලු කාර්යන් සිදුකරන බව අපට දැනුම්දුන්නා. ඒබව අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ද ඒ අවස්ථාවේදීම වට්සැප් තාක්ෂණය ඔස්සේ දැනුම්දීමටද කටයුතු කළා. වසර පහක් ගතවනතුරු යුක්තිය ඉටුකරගැනිමේ ක්රියාවලියට ශ්රී ලාංකාවේ රජයන් සහය නොදැක්විම පිළිබදව උන්වහසේගේ කණගාටුව ප්රකාශ කළා. එසේම විපතට පත් පවුල් වෙත ද උන්වහසේගේ කණගාටුව ප්රකාශ කරන්නට අමතක නොකරන්නට ද විය.
පාස්කු ඉරිදින ප්රහාරයට යුක්තිය උදෙසා ඉතාලි – ශ්රී ලංකා සංසදය විසින් මෙම සංචාරය සංවිධානය කර ඇත.
ඒ අනුව ඉතාලියේ වෙසෙන ශ්රි ලාංකික ජනතාව වෙත පාස්කු ප්රහාරයේ විමර්ශන සම්බන්ධ වර්තමාන තත්වය පැහැදිලි කරදීමට සහ මුහුණපාන ගැටළු දැනුවත් කිරීමට කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ආශිර්වාදය මත රොහාන් සිල්වා පියතුමා (නි.ම.නි) ඉතාලිය වෙත පැමිණි අතර ඉතාලියේ වෙසෙන ශ්රීලාංකික කිතුනු බෞද්ධ ප්රජාව මුනගැසී පාස්කු ප්රහාරයට යුක්තිය ඉටුකරගැනීම වෙනුවෙන් ගතහැකි ඉදිරි ක්රියාමාර්ග සාකච්ඡා කිරීමද මෙහිදී සිදුවිය.
උන්වහන්සේ බ්රේශියා හි රෝස කුසුම සිද්ධස්ථානයට පැමිණ යුක්තිය ඉල්ලා විශේෂ යැදුම් මෙහෙය නිරත විය. අනතුරුව වෙරෝනා නගරයට පැමිණ ජනතාව සමග සාකච්ඡා කර පාස්කු ඉරැදින ප්රහාරයේ වින්දිතයින් වෙනුවෙන් යුක්තිය ඉටුකරලීමේ වත්මන් තත්වය පිළිබඳ එහි ජනතාව දැනුවත් කළ අතර යුක්තිය ඉටුකරගැනීමට ගතහැකි පියවර සම්බන්ධයෙන් ද සාකච්ඡා කර දිව්ය පුජා යාගයකට සහභාගිවිය. පසුව මිලාන්,පාර්මා,මෝදනා, වැනිසිය හා පාදුවා නගර වල ශ්රී ලාංකිකයන් මුණගැසිණි.
ඉදිරි දිනවලදී රෝමය හා නාපෝලි නගර වෙත ගමන් කිරීමට සැලසුම්කර ඇත.
මෙම ප්රශ්නයට ජාත්යන්තරව යුක්තිය සොයා යාමේදී ලැබුණු සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව දැක්විය හැකියි. පාස්කු ඉරැදින සිදුවු ඝාතනය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරගැනීමට රජයට බලකිරීමට ජාතයන්තර වශයෙන් මෙවැනි කටයුතු ඉදිරියේදීත් සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සහයෝගය ලබාදුන් සියලුදෙනාට ස්තුති වන්ත‌ වෙනවා. ඒවගේම ඉදිරියටත් මේලෙස අප සමග එක්වන ලෙසත් අපි ඉල්ලා සිටිනවා.” යැයි ප්රකාශ කළේය.
ඉතාලි රදගුරු සමුළුවේ සභාපති රදගුරු හිමිපාණන් සමඟ මෙම සුවිශේෂී හමුවෙන් අනතුරුව ගරු රොහාන් සිල්වා (නි.ම.නි) පියතුමා රෝමය බලා පිටත්ව යාමට නියමිත අතර එහිදීද තවත් සුවිශේෂී හමුවීම් කිහිපයක් සුදානම් කර ඇති බව දැනගන්නට ලැබේ.
 

 

Leave a Reply