EA Info

2024.06.22- සියොන් දේවස්ථානය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

2024.06.22- සියොන් දේවස්ථානය ගැන ජනපති වාර්තාවක් ඉල්ලයි

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳව වහාම වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙනවා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (22) පෙරවරුවේ එක්වුණා.

දේවස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා එම දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමා වන රොෂාන් මහේෂන් පූජකතුමා සමඟ සාකච්ඡාවක නිරත වුණා.

දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මෙතෙක් අවසන් නොවීම පිළිබඳ එහිදී කරුණු විමසා සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ද නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

එමෙන්ම, ජනාධිපති කාර්යාලයේ ප්‍රතිපාදන මත දේවස්ථානයේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් නිම කිරීමට පියවර ගන්නා ලෙස ද ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා වෙත උපදෙස් දෙනු ලැබුවා.

එම කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී යුද හමුදාපතිවරයා වෙත දැනුම් දුන්නා.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියා.

Source-News19

Leave a Reply