Easter Attack Info

Easter Attack Info
  • Home
  • About Us
  • Timeline
    • Highlights
    • 2018
    • 2019
    • 2020
    • 2021
    • 2022
    • 2023
    • 2024
  • Legal Actions
    • Fundamental Rights Cases
      • Background
      • Court Documents
      • Court Observation Reports
      • FR Case Update
    • Civil Cases
      • Summery
      • Court Documents
      • Court observation Reports
    • Criminal Cases
      • Background
      • Main Criminal Case
        • Main Criminal Case Update
      • Former IGP’s Case
      • Former DS’s Case
      • Vanathavilluwa Case
      • Kalmune Case
      • Mawanella Case
      • NuwaraEliya Case
      • Kuliyapitiya Case
      • Hijas’s Case
        • Hijas’s Case Update
      • Ahnaf’s Case
      • Maithripala’s Writ Case
        • Maithripala’s Writ Case Update
    • Foriegn Cases
      • US Case
        • Background
        • Court observation Reports
        • Court Documents
    • Criminal Complaints
      • Background
      • Complaints
    • Arrestees
  • Redress
    • Compensation
    • Commemoration
      • Monthly Commemorations
      • Annual Commemorations
  • Reports
    • CSR Reports
      • CSR Reports – 2024
      • CSR Reports – 2025
    • UN Reports
    • Commission reports
      • Summery
      • Malalgoda Report
      • Parliament Select Committee
      • Janak De Silva Report
    • Statements
    • Other Reports
    • RTI
  • International Advocacy
    • CSR
    • GFJESV
  • Media
  • Contact
November 15, 2024

2024.11.12- පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කළ පරීක්ෂණය කුමක් ද?

2024.11.12- පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් අලුතින් ආරම්භ කළ පරීක්ෂණය කුමක් ද?
November 15, 2024

වසර 5කට අධික කාලයකට පෙර පුද්ගලයින් 260කට වැඩි පිරිසකට දිවි අහිමි කරමින් කතෝලික දේවස්ථාන 3ක් හා සංචාරක හෝටල් 3ක් ඉලක්ක කර එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදාළව අලුතින් විමර්ශනයක් ආරම්භ කළ බව පොලිසිය පවසයි.

බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාර මාලාවට අදාළව විකාශය කරන ලද වාර්තාමය විඩියෝ වැඩසටහනට අදාළව මෙම විමර්ශනය පවත්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

‘එම විඩියෝවේ අඩංගු පාස්කු දින ප්‍රහාරය සම්බන්ධ ආන්දෝලනාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මේ වන විට විමර්ශනයක් ආරම්භ කර ඇතැයි’ එම නිවේදනයේ දැක්වේ.

මෙම විමර්ශනය පිළිබඳව නොවැම්බර් 11 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළ බව ද පොලිසිය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

වෙළෙඳ දැන්වීමක්

චැනල් 4 විඩියෝව ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්

2023 සැප්තැම්බර් මාසයේදී චැනල් 4 නාලිකාවෙන් නිකුත් කළ වාර්තාමය විඩියෝව සම්බන්ධව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය යි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න වෙත පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පැමිණිල්ලක් භාර දෙමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ විඩියෝව සම්බන්ධව විමර්ශන කරන ලෙස ඉල්ලා තිබිණි.

එම පැමිණිල්ලට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව බීබීසි සිංහල සේවයට පැවසීය.

  • පාස්කු ප්‍රහාරය: දෙවසරක් ගෙවී තිබියදීත් නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද ඇයි?

“ඒ පැමිණිල්ල අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිතුමාට දාලා, වැඩබලන පොලිස්පතිතුමා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළා විමර්ශන ආරම්භ කරන්න කියලා. මෙහෙම විමර්ශන ආරම්භ කළා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා විමර්ශනය කරගෙන යනවා.”

පිල්ලෙයාන් CIDයට නොපැමිණියේ ඇයි?

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

චැනල් 4 නාලිකාවේ විඩියෝව සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අඟහරුවාදා (නොවැ: 12) කැඳවා තිබූ නමුත් ඔහු පැමිණියේ නැත.

ඔහු මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන අතර මැතිවරණ කටයුතු හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත නොපැමිණි බවත් මැතිවරණයෙන් පසු වෙනත් දිනයක් ලබා දෙන ලෙස එම දෙපාර්තුමේන්තුවට දැනුම් දුන් බවත් හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජීවන් රාජ් බීබීසි සිංහල සේවයට පැවසීය.

චැනල් 4 වීඩියෝවේ අන්තර්ගත වුණේ කුමක් ද?

2023 සැප්තැම්බර් 5 වන දා හෝ ඊට ආසන්න දිනක බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන “දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළා ද?” යන ප්‍රශ්නය මතු කරමින් වාර්තා විඩියෝවක් නිකුත් කළේ ය.

මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදාගෙන තිබුණේ ජීවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා ය.

මොහොමඩ් මිහිලාල් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දිවුරුම් දුන් සාක්ෂියක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු දින කිහිපයක් ම එම විමර්ශකයින් හමු වී ඇති අතර විමර්ශකයින් මොහුගේ ප්‍රකාශ සත්‍ය බව සලකා කටයුතු කරන බව ද එම විඩියෝවේ සඳහන් වේ.

ආරක්ෂාව පතා රටින් පිටව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා, මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්, ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සරත් කෝංගහගේ සහ කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙන් ම අනන්‍යතාව හෙළිදරව් නොකරන රජයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු ඇතුළු පිරිසකගේ හා වින්දිතයින් දෙදෙනෙකුගේ ප්‍රකාශ හා සාක්ෂි පදනම් කර ගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබිණි.

චැනල් 4 වීඩියෝවෙන් නගන ප්‍රශ්න මොනවා ද?

මෙම තොරතුරු සපයන්නන්ගේ සාක්ෂි ඇසුරින් චැනල් 4 නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි. එනම්,

01. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රහාරය සිදුකළ ඉස්ලාමීය අන්තවාදීන් රහසිගතව හමුවුණා ද?‍

02. ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා හමුදා බුද්ධි අංශය පොලිසිය නොමග යැවුවා ද?

03. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩාකප්පල් කරනු ලැබුවා ද? යන්න ය.

මෙම වීඩියෝව නිකුත් වීමෙන් පසුව දීර්ඝ නිවේදනයක් නිකුත් කළ එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ය.

එමෙන් ම, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය ද එම චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේ ය.

“ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පරික්ෂණවලින් පෙන්වා දෙන්නේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් ISIS හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින්,” යනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබිණි.

මෙම වීඩියෝව නිකුත් කළ සමයේ මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ මේජර් ජෙනරල් සුරේෂ් සලේ ද තමන්ට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.

මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ ද විද්‍යුත් තැපෑල ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, එම ලිපියෙන් කියවෙන්නේ, ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.

ඒ අනුව, සුරේෂ් සලේට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක කරණු පළ කළහොත් සිවිල් ක්‍රියාමාර්ග ගන්නා බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.

එම වකවානුවේදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ, චැනල් 4 වීඩියෝවට අදාළව තමාගේ ලේකම්වරයෙකු පවසන කරුණු සම්බන්ධයෙනුත්, තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වන ලෙස ය.

මේ අතර, 2023 සැප්තැම්බර් 21,22 සහ 23 චැනල් 4 විඩියෝව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තෙදින විවාදයක් ද පවත්වන ලදී.

ජනපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව

චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාර මාලාවට අදාළව විකාශය කරන ලද වාර්තා වීඩියෝ වැඩසටහන පිළිබඳව සොයා බැලීමට එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.

  • පාස්කු ඉරිදා ප්‍රහාරය : චැනල් 04 වීඩියෝවේ අන්තර්ගතය ගැන සොයන්න රජයෙන් කමිටුවක්

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, හිටපු ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හර්ෂ ෂෝසා යන අය එම කමිටුවේ සාමාජිකයෝ වූහ.

ඊට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ අතර එම කටයුතු ඉදිරියට කරගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග වෙත පවරා තිබිණි.

මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල පස් වසරකට ඉහතදී බෝම්බ පිපිරීම් සිදු වූයේ පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.

Source – https://www.bbc.com/sinhala/articles/clyvk4qqlgzo  


Previous article2024.11.05- Acquittal of Hemasiri and Pujith- from Easter Sunday attack case Supreme Court orders resumption of trialNext article 2025.01.28 - පාස්කු නඩුවට අදාළව නීතිපති කල ඉල්ලීමක් මහාධිකරණය ඉවත දමයි.

Leave a Reply

You must be logged in to post a comment.

Subscribe Us

    ABOUT US

    The objective of the Centre for Society and Religion is to help in the integral human liberation and fulfillment of the people of our country by their realization of human values in economic development with social justice, and the deepening of our cultural and spiritual values.

    Contact US

    Address: No. 281, Deans Road, Colombo 10.
    Email : [email protected]
    Phone : 0112 695 425
    Open : Mon-Fri, 9:00 am-4:00 pm

    Quick links

    Home
    About Us
    Timeline
    Contact

    follow us on

    Facebook Youtube Twitter Instagram Pinterest

    Copyright @ Easter Attack Info 2022. All Right Reserved

    Any and all intellectual property in third party material/content used in this website will be the property of the respective owner and are used in this website on the basis of fair use.

    About This Sidebar

    You can quickly hide this sidebar by removing widgets from the Hidden Sidebar Settings.

    Recent Posts

    2025.07.01 – 105th Day of the Main Easter Attack Criminal Trial against 24 AccusedJuly 3, 2025
    අද සිට පාස්කු ප්‍රහාරය සම්බන්ධ කතිකාව Easter Attack Info Youtube channel එක තුලින්…June 18, 2025
    Consideration of the writ petition against Nilantha Jayawardena has been postponed again.June 13, 2025

    Categories

    • 01. January 2023
    • 01. January 2024
    • 02. February 2021
    • 02. February 2022
    • 02. February 2023
    • 02. February 2024
    • 03. March 2021
    • 03. March 2022
    • 03. March 2023
    • 03. March 2024
    • 04. April 2019
    • 04. April 2020
    • 04. April 2021
    • 04. April 2022
    • 04. April 2023
    • 04. April 2024
    • 05. May 2021
    • 05. May 2022
    • 05. May 2023
    • 05. May 2024
    • 06. June 2019
    • 06. June 2022
    • 06. June 2023
    • 06. June 2024
    • 07. July 2019
    • 07. July 2021
    • 07. July 2022
    • 07. July 2023
    • 07. July 2024
    • 08. August 2022
    • 08. August 2023
    • 08. August 2024
    • 09. September 2019
    • 09. September 2022
    • 09. September 2023
    • 09.September 2024
    • 10. October 2019
    • 10. October 2022
    • 10. October 2023
    • 10. October 2024
    • 11 November 2024
    • 11. November 2022
    • 11. November 2023
    • 12. December 2023
    • 2019
    • 2020
    • 2021
    • 2022
    • 2023
    • 2024
    • Annual Commemoration
    • CSR Reports – 2025
    • February 2025
    • Media
    • Monthly Commemoration
    • Uncategorized

    Meta

    • Log in
    • Entries feed
    • Comments feed
    • WordPress.org
    Translate »