Date : 13/02/2025
Case number : HC(TAB) 2972/21
Brief update:
The subject case was taken up before the Trial-at-Bar. All the accused were present in court except 17th accused (deceased).
The Commissioner General of Prisons, Mr. H.M.T.N Upuldeniya, attended court following the summons that was issued by the court the day before. The court informed the Commissioner General that the properties of the accused in this case could be confiscated if they are convicted. While the 6th accused had filed a motion to inform regarding the writing of a power of attorney regarding his property, before the motion was called before the court, the court questioned the Commissioner regarding the prison allowing the 6th accused to sign the power of attorney.
In response, the Commissioner General stated that an investigation had been conducted into the matter. Stating that the law is not clear in this regard, he further stated that although permission is granted in the case of a prisoner, in the case of a remand prisoner, it is customary to grant permission to the remand prisoner after consulting the court. However, the Commissioner General stated that in this case, the officers had not obtained permission from the court. The Commissioner General also stated that in some courts, they have been instructed to do it without asking the court. He also submitted a report to the court regarding the steps he took after receiving the summon.
The court, which heard all of this, stated as follows. It was noted that the previous judges in this case had also warned the prison officials. It was also noted that it was important to inform the court and take action to prevent questionable situations from arising in such an event.
Accordingly, the Prison Commissioner was released.
It was informed to the court by the prosecution that according to the registrar of the Supreme Court, they have received the original and one copy of the case and they need six copies. The prosecution informed the court that it was stated that a date could be given after receiving the relevant number of copies. Accordingly, the Registrar of the High Court was ordered to speak to the Registrar of the Supreme Court and send the required number of copies.
The lawyer appearing for the 13th accused stated that the 13th accused suffers from arthritis and that the condition has become serious. The lawyer further stated that although the Mahara Prison doctor had informed that he be taken to the Ragama Rehabilitation Hospital for appropriate treatment, the prison officials had requested that permission be obtained from the court for that purpose.
In this regard, the court drew attention and ordered, in cases where the chief doctors of the relevant prison hospitals have been instructed to refer patients to other medical institutions for appropriate treatment, not only in relation to the 13th accused but also in relation to other accused, steps should be taken to send them to those relevant medical institutions.
Language translation was also done through a Tamil translator.
Next Date: 12th of March 2025 at 1 .00 PM.
චැනල් 4 විඩියෝව ගැන විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක්
2023 සැප්තැම්බර් මාසයේදී චැනල් 4 නාලිකාවෙන් නිකුත් කළ වාර්තාමය විඩියෝව සම්බන්ධව අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය යි.
සමාජය හා සාමයික කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවී සෙනවිරත්න වෙත පසුගිය ඔක්තෝම්බර් මාසයේදී පැමිණිල්ලක් භාර දෙමින් බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විකාශය කළ විඩියෝව සම්බන්ධව විමර්ශන කරන ලෙස ඉල්ලා තිබිණි.
එම පැමිණිල්ලට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව බීබීසි සිංහල සේවයට පැවසීය.
“ඒ පැමිණිල්ල අමාත්‍යංශයෙන් වැඩබලන පොලිස්පතිතුමාට දාලා, වැඩබලන පොලිස්පතිතුමා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝග කළා විමර්ශන ආරම්භ කරන්න කියලා. මෙහෙම විමර්ශන ආරම්භ කළා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා විමර්ශනය කරගෙන යනවා.”
පිල්ලෙයාන් CIDයට නොපැමිණියේ ඇයි?
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් රොහාන් සිල්වා පියතුමාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මීට පෙර ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.
චැනල් 4 නාලිකාවේ විඩියෝව සම්බන්ධව ප්‍රකාශයක් ලබා ගැනීමට සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අඟහරුවාදා (නොවැ: 12) කැඳවා තිබූ නමුත් ඔහු පැමිණියේ නැත.
ඔහු මහ මැතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස කටයුතු කරන අතර මැතිවරණ කටයුතු හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව වෙත නොපැමිණි බවත් මැතිවරණයෙන් පසු වෙනත් දිනයක් ලබා දෙන ලෙස එම දෙපාර්තුමේන්තුවට දැනුම් දුන් බවත් හිටපු අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් ජීවන් රාජ් බීබීසි සිංහල සේවයට පැවසීය.
චැනල් 4 වීඩියෝවේ අන්තර්ගත වුණේ කුමක් ද?
2023 සැප්තැම්බර් 5 වන දා හෝ ඊට ආසන්න දිනක බ්‍රිතාන්‍ය රූපවාහිනී නාලිකාවක් වන චැනල් 4 විසින් ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන “දේශපාලන බලය ලබාගැනීම සඳහා පුද්ගලයන් 269ක් ඝාතනය කළා ද?” යන ප්‍රශ්නය මතු කරමින් වාර්තා විඩියෝවක් නිකුත් කළේ ය.
මෙම වීඩියෝවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු ලෙස යොදාගෙන තිබුණේ ජීවිත ආරක්ෂාව පතා දැනට රටින් පලා ගොස් සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලයාන්ගේ හිටපු මාධ්‍ය ලේකම් ලෙස කටයුතු කළ හන්සීර් අසාද් මවුලානා ය.
මොහොමඩ් මිහිලාල් මොහොමඩ් හන්සීර් නොහොත් අසාද් මවුලානා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත දිවුරුම් දුන් සාක්ෂියක් ඉදිරිපත් කර ඇති බවත්, ඔහු දින කිහිපයක් ම එම විමර්ශකයින් හමු වී ඇති අතර විමර්ශකයින් මොහුගේ ප්‍රකාශ සත්‍ය බව සලකා කටයුතු කරන බව ද එම විඩියෝවේ සඳහන් වේ.
ආරක්ෂාව පතා රටින් පිටව ගොස් සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙකු වන නිශාන්ත ද සිල්වා, මාධ්‍යවේදිනී ෆෙඩ්රිකා ජෑන්ස්, ඝාතනය කරන ලද මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ සොයුරු ලාල් වික්‍රමතුංග, මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස් අම්බිකා සත්කුනනාදන්, හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු වන සරත් කෝංගහගේ සහ කොළඹ අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් මෙන් ම අනන්‍යතාව හෙළිදරව් නොකරන රජයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු ඇතුළු පිරිසකගේ හා වින්දිතයින් දෙදෙනෙකුගේ ප්‍රකාශ හා සාක්ෂි පදනම් කර ගනිමින් මෙම වීඩියෝව නිර්මාණය කර තිබිණි.
චැනල් 4 වීඩියෝවෙන් නගන ප්‍රශ්න මොනවා ද?
මෙම තොරතුරු සපයන්නන්ගේ සාක්ෂි ඇසුරින් චැනල් 4 නගන ප්‍රධාන ප්‍රශ්න කිහිපයකි. එනම්,
01. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයට පෙර හමුදා බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රහාරය සිදුකළ ඉස්ලාමීය අන්තවාදීන් රහසිගතව හමුවුණා ද?
02. ත්‍රස්තවාදී කණ්ඩායම අත්අඩංගුවට ගැනීම වළක්වාලීම සඳහා හමුදා බුද්ධි අංශය පොලිසිය නොමග යැවුවා ද?
03. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුව විසින් බෝම්බ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ කඩාකප්පල් කරනු ලැබුවා ද? යන්න ය.
මෙම වීඩියෝව නිකුත් වීමෙන් පසුව දීර්ඝ නිවේදනයක් නිකුත් කළ එවක ජනපති ගෝඨාභය රාජපක්ෂ එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේ ය.
එමෙන් ම, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශය ද එම චෝදනා නිල වශයෙන් ප්‍රතික්ෂේප කළේ ය.
“ශ්‍රී ලංකා රජය, නීතිය ක්‍රියාත්මක කරන ආයතන, ආරක්‍ෂක අංශ සහ ජාත්‍යන්තර විමර්ශන ආයතන පරික්ෂණවලින් පෙන්වා දෙන්නේ මෙම භයංකර ඛේදවාචකයේ නිර්මාපකයින් සහරාන් හෂීම්ගේ නායකත්වයෙන් යුත් ISIS හා සම්බන්ධ කණ්ඩායම්වල සාමාජිකයින්,” යනුවෙන් ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබිණි.
මෙම වීඩියෝව නිකුත් කළ සමයේ මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ මේජර් ජෙනරල් සුරේෂ් සලේ ද තමන්ට එල්ල කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කළේ ය.
මේජර් ජෙනරල් සුරේෂ් සලේ වෙනුවෙන් නීතිඥ පහන් වීරසිංහ ද විද්‍යුත් තැපෑල ඔස්සේ ඊට ප්‍රතිචාර දක්වා ඇති අතර, එම ලිපියෙන් කියවෙන්නේ, ඉදිරිපත් කර ඇති චෝදනා ප්‍රතික්ෂේප කරන බවය.
ඒ අනුව, සුරේෂ් සලේට එරෙහිව අසත්‍ය හා අපහාසාත්මක කරණු පළ කළහොත් සිවිල් ක්‍රියාමාර්ග ගන්නා බව ද එහි වැඩිදුරටත් සඳහන් විය.
එම වකවානුවේදී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටියේ, චැනල් 4 වීඩියෝවට අදාළව තමාගේ ලේකම්වරයෙකු පවසන කරුණු සම්බන්ධයෙනුත්, තමා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නම් ඒ පිළිබඳවත් පරීක්ෂණයක් පවත්වන ලෙස ය.
මේ අතර, 2023 සැප්තැම්බර් 21,22 සහ 23 චැනල් 4 විඩියෝව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ තෙදින විවාදයක් ද පවත්වන ලදී.
ජනපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව
චැනල් 4 නාලිකාව විසින් පාස්කු ප්‍රහාර මාලාවට අදාළව විකාශය කරන ලද වාර්තා වීඩියෝ වැඩසටහන පිළිබඳව සොයා බැලීමට එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළේය.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි. ඉමාම්, හිටපු ගුවන් හමුදාපති චීෆ් එයාර් මාර්ෂල් ජයලත් වීරක්කොඩි සහ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු හර්ෂ ෂෝසා යන අය එම කමිටුවේ සාමාජිකයෝ වූහ.
ඊට අමතරව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ද හිටපු ජනාධිපතිවරයා කටයුතු කළ අතර එම කටයුතු ඉදිරියට කරගෙන යාම ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග වෙත පවරා තිබිණි.
මීගමුව, කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය, කොටහේන, කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය, මඩකලපුව සියොන් දේවස්ථානය, දෙහිවල හෝටලයක සහ කොළඹ කිංග්ස්බරි, ෂැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ් හෝටල්වල පස් වසරකට ඉහතදී බෝම්බ පිපිරීම් සිදු වූයේ පුද්ගලයන් 268ක් ජීවිතක්ෂයට පත්කරමින්, තවත් 500කට අධික ප්‍රමාණයක් තුවාල සිදුකරමිනි.
Source – https://www.bbc.com/sinhala/articles/clyvk4qqlgzo