Date: November 12, 2025
Case Number: B 35882/24
මෙම නඩුව 2025.11.12 දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවු අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් උප පොලිස් පරීක්ෂක ප්‍රේමකුමාර මහතා පෙනී සිටින ලදී.
අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතිඥ මනුෂිකා කුරේ සමඟ නීතිඥ සුරේන් ඩි පෙරේරා මහතා පෙනී සිටින ලදී.
පළමු සහ දෙවන සැකකරුවන් වෙනුවෙන් වෙන් වෙන්ව නීතිඥවරුන් පෙනී සිටින ලදී.
අද දින 2 වන සැකකරු වෙනුවෙන් ඇප ඉල්ලීමක් සම්බන්ධයෙන් ලිඛිත සැලකිරීම් අධිකරණයට විවෘත අධිකරණයේදී ගොණු කරන ලදී. ඒ අනුව, දෙවන සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධ විමර්ශනය කරනු ලබන නිලධාරීන්ගේ ස්ථාවරය අධිකරණය සැළකිරීමට සහ සැකකරුවන්ගේ රක්ෂිත දීර්ඝ කිරීම සඳහා මෙම නඩුව 2025.11.26 දිනට කැඳවීමට නියම කරනලදී.
Next date: 26/11/2025



