EA Info

2022.10.03 – පාස්කු ප්‍රහාරය සම්බන්දව චූදිතයන් 25 දෙනෙකුට විරුද්ධව ඇති ප්‍රදානම අපරාධ නඩුව අද දින (3) කොළඹ මහාධිකරණයේදී කැඳවන ලදී

2022.10.03 – පාස්කු ප්‍රහාරය සම්බන්දව චූදිතයන් 25 දෙනෙකුට විරුද්ධව ඇති ප්‍රදානම අපරාධ නඩුව අද දින (3) කොළඹ මහාධිකරණයේදී කැඳවන ලදී

පාස්කු ප්‍රහාරය සම්බන්දව ඇති ප්‍රදානම අපරාධ නඩුව වන චූදිතයන් 25 දෙනෙකුට විරුද්ධව ඇති HC TAB 2972/21 යන නඩුව, ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කොළඹ මහාධිකරණයේදී අද දින (3) කැඳවන ලදී. පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය මෙදින නිළ වශයෙන් ආරම්භ කරන ලදී. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම නඩුව විභාග කිරීමේ අරමුනක් වන්නේ මෙම නඩුව ඉක්මනින් විභාග කිරීම වන බැවින් මෙම වසර අවසන් වීමට පෙර මෙම නඩුවේ විභාගය ආරම්භ කිරීමේ අවශ්‍යතාවය අධිකරණය විසින් පෙන්වාදෙන ලදී. විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සඳහා විරෝධතාවය දක්වමින් අතිරේක සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර ලිඛිත දේශන ඉදිරිපත් කරන ලද අතර නඩු විභාගයේදී ලකුනු කිරීමට බලාපොරොත්තුවන වීඩියෝ පට, ජායාරූප හා ලේඛන ඇතුලත් පරිඝණක සාක්ශි ගනයට වැටෙන DVD පටයක් හා Pen Drive එකක පිටපත් විත්තියේ නීතිඥවරුන් වෙත ලබා දෙන ලදී. වැඩිදුර පූර්ව නඩු විභාගය සහ ඇප සම්බන්ධ නියෝගය සඳහා මෙම නඩුව 2022 වර්ෂයේ නොවැම්බර් මස 24 වන දින, පස්වරු 2ට කැඳවීමට නියමිතය.

Leave a Reply