EA Info

2022.10.04 – පාස්කු ප්‍රහාරය සම්බන්ද මූලික අයිතිවාසිකම් නඩුවල නීතිපති දෙපාර්තමේන්තුවේ කරුනු දැක්වීම් වැඩිදුරටත්

2022.10.04 – පාස්කු ප්‍රහාරය සම්බන්ද මූලික අයිතිවාසිකම් නඩුවල නීතිපති දෙපාර්තමේන්තුවේ කරුනු දැක්වීම් වැඩිදුරටත්

පාස්කු ප්‍රහාරය සම්බන්යෙන් පවරා ඇති SCFR 163/19 ඇතුලු මූලික අයිතිවාසිකම් නඩු 12 අද දිනත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 7 දෙනෙකු ඉදිරියේ කැදවන ලද අතර මෙම නඩුවල වගඋත්තරකරුවන් ලෙසනම් කොට ඇති හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි අධ්‍යක්ෂ සිසිර මෙන්ඩිස් යන දෙදෙනාම පොලිස්පතිවරයාට ක්‍රියාත්මක විය හැකි මට්ටමේ තොරතුරු යොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අධිකරණයට දක්වන ලදී. තවද හිටපු ආරක්ශක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පතිවරයා සතුව මෙම සිදුවීම වැලැක්වීම සදහා සධාචාර රාජකාරියකට එහා ගිය නීතිමය රාජකාරියක් පැවති බවත් ආරක්ශක අමාත්‍යවරයා ලෙස ක්‍රියාකල හිටපු ජනාධිපති මෙත්‍රීපාල සිරිසේනට මෙම ප්‍රහාරය පිලිබද තොරතුරු ලබා දීමෙන් ඔවුන් වැලකී සිට ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණයට කරුනු දක්වා සිටින ලදී. කෙසේ වෙතත් හිටපු ආරක්ශක අමාත්‍යවරයා ලෙස මෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ආ.ක්‍ර.ව්‍ය. 52 ව්‍යස්තාවට අනුව මේ පිලිබද පාලනයක් හා සොයා බැලීමට වගකීමක් නැද්ද යන්න දිගින් දිගටම අධිකරණය වෙනුවන් ප්‍රශ්න කරන ලදී. හෙට දින එනම් 2022.10.05 දින උදෑසන 10.00 ට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් වැඩිදුර කරුනු දැක්වීමට නියමිතය.

Leave a Reply