EA Info

2022.10.11 – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහි පාස්කු ප්‍රහාරය පිලිබද පුද්ගලික නඩුව හා සම්බන්ද රිට් පෙත්සම අද දින අභියාචනාධිකරණයට

2022.10.11 – හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එරෙහි පාස්කු ප්‍රහාරය පිලිබද පුද්ගලික නඩුව හා සම්බන්ද රිට් පෙත්සම අද දින අභියාචනාධිකරණයට

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්, හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය හා සබැඳි 23084/22 දරන නඩුව උදෙසා අධිකරණයට කැඳවමින් සිතාසි නිකුත් කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හා එම නඩු කටයුත්ත පවත්වාගෙනයාම අත්හිටවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොණු කරන ලද CA Writ 354/22 දරන රීට් ආඥා පෙත්සම අද (11) දින අභියාචනාධිකරණ කාමර අංක 303 හී කැඳවන ලදී. එහිදී අතරමැදි පාර්ශවයක් (intervening party) ලෙස සමාජය හා සාමයික කේන්ද්‍රය මෙම නඩුවට පෙනී සිටීමට නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයේ අවසර ඉල්ලා සිටින ලදී. ඒ සඳහා කිසිදු පාර්ශවයක් විරෝධතා නොදැක්වූ අතර අධිකරණය අවසර ලබා දෙන ලදී. අද දින පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීම් සිදු විය.

ප්‍රධාන කරුණු තුනක් හරහා පෙත්සම්කාර පාර්ශවය කරුණු දැක්වීම් සිදු කරන ලදී. එහිදී, පෙත්සම්කරුට එරෙහිව, බැලූ බැල්මට පෙනෙන නඩුවක් ගොණු කිරීම සඳහා අවශ්‍ය සෘජු ඉදිරිපත් කළ හැකි සාක්ෂි (Direct admissible evidence) නොමැති බවට කරුණු දක්වන ලදී. එමෙන්ම පෙත්සම්කරුට සිතාසි නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය දෙන ලද නියෝගයේදී, නිශ්චිත ලෙස දණ්ඩ නීති සංග්‍රහයේ කිනම් වගන්ති මෙම නඩුවේ පෙත්සම්කරු හා සබැඳිව අදාළ වන්නේද යන්න දක්වා නොමැති බවට ද කරුණු දක්වන ලදී.

එමෙන්ම ජනක් ද සිල්වා ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙහි කරුණු මත සිට පෙත්සම්කරුට එරෙහිව ක්‍රියාත්මක විය නොහැකි බවට ද පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වන ලදී. තවමත් විමර්ශන කටයුතු සිදු වන පසුබිමක පෙත්සම්කරුව මෙලෙස චූදිතයකු ලෙස නම් කිරීම ද දෝෂ සහගත බවටද, පෙත්සම්කරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙහිදී පෙත්මකාර පාර්ශවය විනිශ්චිත නඩු තීන්දු කිහිපයක් දක්වමින් සිය කරුණු දැක්වීම් කරන ලදී.

වගඋත්තරකාර පාර්ශවයන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා හෙට (12) දිනයේදීද මෙම නඩුව කැඳවීමට නියමිතය.

Leave a Reply