EA Info

2022.10.13 – පාස්කු ප්‍රහාරය සම්බන්යෙන් මෛත්‍රිපාල සිරිසේන කැදවමින් කොටුව මහේස්ත්‍රාත්තුමා නිකුත් කල නොතීසිය සම්බන්ද රිට් පෙත්සම දෙවෙනි දිනටත්

2022.10.13 – පාස්කු ප්‍රහාරය සම්බන්යෙන් මෛත්‍රිපාල සිරිසේන කැදවමින් කොටුව මහේස්ත්‍රාත්තුමා නිකුත් කල නොතීසිය සම්බන්ද රිට් පෙත්සම දෙවෙනි දිනටත්

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින්, පාස්කු ප්‍රහාරය හා සබැඳි 23084/22 දරන මහේස්ත්‍රාත් අධිකරණ නඩුව උදෙසා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අධිකරණයට කැඳවමින් නොතීසි නිකුත් කරන ලද නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වන ලෙස ඉල්ලමින් හා එම නඩු කටයුත්ත පවත්වාගෙනයාම අත්හිටවන ලෙස ඉල්ලමින් අභියාචනාධිකරණයට ගොණු කර ඇති CA Writ 354/22 දරන රීට් ආඥා පෙත්සම 12 දින ද අභියාචනාධිකරණ කාමර අංක 303 හී අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා සහ අභියාචනාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවන ලදී.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින ලද නීතිඥ මහතුන්ද විසින් අද දින සිය කරුණු දැක්වීම් සිදු කළ අතර පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටින ලද නීතිඥ මහතාද ප්‍රතිකරුණු දැක්වීම් සිදු කරන ලදී.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් පෙත්සම්කරු දැනුවත්ව සිටී බවට ද, ඔහුට ඇති වගකීම 2016 වර්ෂයේ නොවැම්බර් මස දක්වා කාලයකට දිවයන බවටද තුන හා හතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින ලද නීතිඥවරුන් කරුණු දක්වන ලදී. එමෙන්ම ජනක් ද සිල්වා කොමිෂන් සභාව පෙත්සම්කරු විසින්ම පත් කරන ලද්දක් බවටද, එහිදී සාක්ෂිකරුවන් ගෙන්වූ බවටද, සාක්ෂි ඉදිරිපත් කළ බවටද, එහිදී මෙම නඩුවේ පෙත්සම්කරුට එරෙහිවත් සාක්ෂි කැඳවා ඇති බවටද කරුණු දැක්වීම් සිදු කරන ලදී. එමෙන්ම තුන හා හතර වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටින ලද නීතිඥවරුන් තවදුරටත් කරුණු දක්විමින් පෙත්සම්කරුගේ කිර්ති නාමය හා යුක්තිය ඉටු වීම යන කරුණු දෙකෙන් ඉටුවිය යුත්තේ කුමක් ද (Balance of Convenience) යන්න හා සබැඳිව ප්‍රශ්න කරන ලදී.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් රොහාන්ත අබේසූරිය මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුට එරෙහිව පාස්කු ප්‍රහාරය හා සබැඳිව ඇති මූලික අයිතිවාසිකම් නඩු සම්බන්ධ තීරණයක් සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ලබා දීමට නියමිත බවටද අධිකරණයට කරුණු දක්වන ලදී. අතරමැදි පාර්ශවයක් (intervening party) ලෙස මෙම නඩුවට සම්බන්ධ වූ සමාජය හා සාමයික කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන දක්වමින් රීට් පෙත්සමට එරෙහිව සිය කරුණු දැක්වීම සිදු කරන ලදී.

ඉහත දක්වා ඇති මහේස්ත්‍රාත් අධිකරණ නඩුව අත්හිටුවීම සඳහා අතුරු නියෝගයක් ලබා දෙන්නේද නොදෙන්නේද යන්න සම්බන්ධ තීරණය වර්ෂ 2022ක් වූ ඔක්තෝම්බර් මස 14 වන දින පෙරවරු 9.30 ට ලබාදීමට නියමිතය.

 

Leave a Reply