EA Info

2022.11.15 – වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව 15 දින පුත්තලම මහාධිකරණයේදී විභාග කරන ලදී.

2022.11.15 – වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව 15 දින පුත්තලම මහාධිකරණයේදී විභාග කරන ලදී.

PUTTLAM /TAB 107/2021 යන වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව ඊයේ (15) දින පුත්තලම මහාධිකරණයේදී විනිසුරු නිශාන්ත හපුආරච්චි මහතා, විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ නයෝමි වික්‍රමසේකර විනිසුරුතුමිය යන මහාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ කැඳවන ලදී. මෙම නඩුව අබු හනීෆා මොහොමඩ් මුෆිස් හෙවත් මුෆිස් හෙවත් අබු දහිදා, අමීර් හම්සා මොහොමඩ් හමාස් හෙවත් හමාස් හෙවත් අබු සාෆියා, මොහොමඩ් සරීෆු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා හෙවත් ගෆුර් නානා හෙවත් අබු හදීද්, මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා හෙවත් සාදික් හෙවත් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි හෙවත් අබු සෙයිද් සහ මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් හෙවත් සාජිද් මවුලවි හෙවත් අබු නජා යන විත්තිකරුවන්ට එරෙහිව ගොණු කර ඇත.

2022 වර්ෂයේ නොවැම්බර් මස 15 වන දින මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී පැමිණිල්ලේ සාක්ෂි අංක 12 වූ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද විශ්‍රාමික පොලිස් පරීක්ෂක ඩයස් පද්මසිරි මහතාව සාක්ෂියට කැඳවා මූලික ප්‍රශ්න විමසීම, හරස් ප්‍රශ්න විමසීම සහ නැවත ප්‍රශ්න විමසීම සිදු කරන ලදී.

පෙර නඩු දිනයකදී විත්තියේ නීතිඥවරුන් ඉල්ලා සිටින ලද පරිවර්තන ලේඛන පැමිණිල්ල මෙහෙයවන ලද රජයේ නීතිඥ මහතුන් විසින් විත්තිය වෙත ලබා දීමක් ද සිදු කරන ලදී.

රජයේ නීතිඥවරුන් අධිකරණයට මෙදින (15) දන්වා සිටියේ, පැමිණිල්ලේ සාක්ෂි අංක 1 සඳහා ගියවර සිතාසි නිකුත් කරන ලෙස ඉල්ලා සිටි බවත්, මෙදින ඔහුව බන්ධනාගාරයෙන් ගෙන්වා ඇති නමුත් ඔහුව සාක්ෂියට කැඳවීමේ නෛතික බාධා ඇති බවක් පෙනීයාම හේතුවෙන් තාවකාලිකව මුදාහරින ලෙසයි.

මෙම නඩුව නැවතත් 2022 වර්ෂයේ නොවැම්බර් මස 16 වන දිනට කැඳවීමට නියම කරන ලදී.

Leave a Reply