EA Info

2022.11.16 – වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි මහාධිකරණ නඩුව නැවත විභාගයට.

2022.11.16 – වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි මහාධිකරණ නඩුව නැවත විභාගයට.

වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි PUTTLAM /TAB 107/2021 යන මහාධිකරණ නඩුව ඊයේ (16) දින පුත්තලම මහාධිකරණයේදී විනිසුරු නිශාන්ත හපුආරච්චි මහතා, විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම මහතා සහ නයෝමි වික්‍රමසේකර විනිසුරුතුමිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

මෙදින 3 වන සහ 4 වන විත්තිකරුවන් සම්බන්ධයෙන් ඇප නියෝගය ලබා දෙන ලදී. ඒ අනුව එම විත්තිකරුවන් දෙදෙනා සඳහා ඇප ලබා නොදීමට නියෝග කරන ලදී. නීතිඥ මහතුන්ගේ ඉල්ලීම පරිදි 4 හා 6 යන විත්තිකරුවන්ව (බූස්ස බන්ධනාගාරය හා සබැඳිව) නීතිඥවරුන්ට හමුවීමට පැය භාගයකට (විනාඩි 30කට) අධික කාලයක් ලබා දීමට විනිසුරුවරුන් නියෝග කරන ලදී. එමෙන්ම 3 වන විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥමහතාගේ ඉල්ලීම පරිදි එම විත්තිකරුව නැවත බන්ධනාගාරයට ගෙන යාමට පෙර එම අදාළ නීතිඥ මහතාට විත්තිකරු සමඟින් කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසද විනිසුරුවරුන් දන්වා සිටින ලදී.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥතුමිය මෙම නඩුව සඳහා 2023 වර්ෂයේ ජනවාරි මස 24 වන දින කැඳවීම සඳහා පැමිණිල්ලේ සාක්ෂි අංක 23, 16, 63 සඳහා ද, 2023 වර්ෂයේ ජනවාරි මස 25 වන දින කැඳවීම සඳහා පැමිණිල්ලේ සාක්ෂි අංක 40 හා 43 සඳහාද සිතාසි අයැද සිටින ලදී.

මෙම නඩුව වැඩිදුර විභාගය සඳහා 2023 වර්ෂයේ ජනවාරි 24, 25, 26 දින වලදී කැඳවීමට නියම කරන ලදී.

Leave a Reply