EA Info

2022.11.17 – අනාෆ් ජසිම් කවියාට එරෙහි නඩුව

2022.11.17 – අනාෆ් ජසිම් කවියාට එරෙහි නඩුව

පාස්කු ප්‍රහාරය හා සම්බන්ද HC 148/2021 දරණ මහාධිකරණ නඩුව ඊයේ (16) දින පුත්තලම මහාධිකරණයේ නදී අපර්ණා සුවන්දුරුගොඩ මහාධිකරණ විනිසුරුතුමිය ඉදිරියේ කැඳවන ලදී.

මෙදින 2022 අංක 2 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනතේ 195අ(2) වගන්තිය ප්‍රකාරව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ආරම්භ කර පවත්වා නිම කරන ලදී. මෙහිදී කිසිදු නඩු භාණ්ඩයක් හෝ කිසිදු ලේඛනයක් ඉදිරිපත් කිරීමට උපදෙස් ලැබී නොමැති බවට රජයේ අධිනීතිඥවරිය විසින් අධිකරණයට දන්වා සිටින ලදී. එමෙන්ම, චූදිත, ද්‍රවිඩ භාෂාව භාවිත කරන තැනැත්තකු බැවින් සියලු කාර්ය සටහන් අධිකරණ භාෂා පරිවර්තක ලවා දෙමළ භාෂාවට පර්වර්තනය කර චුදිතට ලබා දීය යුතු බව විනිසුරුතුමිය විසින් දන්වා සිටින ලදී.

පැමිණිල්ලේ සාක්ෂි අංක 2,6,8 සඳහා සිතාසි අයැද සිටින ලදී. නඩු විභාගය 2023 වර්ෂයේ පෙබරවාරි 17 දිනට නියම කරන ලදී.

Leave a Reply