EA Info

2022.11.24 – පාස්කු ප්‍රහාරය සම්බන්ද 25 දෙනාට එරෙහි ප්‍රදානතම අපරාධ නඩුව

2022.11.24 – පාස්කු ප්‍රහාරය සම්බන්ද 25 දෙනාට එරෙහි ප්‍රදානතම අපරාධ නඩුව

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා ගොණු කර ඇති HC (TAB) 2972/21 නඩුව ඊයේ (24) දින කොළඹ මහාධිකරණ අංක 1 හී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී.

මෙහිදී තිරයක් මතට ප්‍රක්ෂේපනය කර පෙන්වමින්, අධිචෝදනා කියවා තේරුම් කිරීමට අදහස් කරන ආකාරය පැමිණිලි පාර්ශවය විසින් පැහැදිලි කරන ලදී. එය වගුවක ආකාරයෙන් සකස් කර තිබුණී. කෙසේ නමුත් ඉහත විස්තර කරන ලද වගුවක ආකාරයේ අධිචෝදනා සඳහන් කරන ලද ලේඛනය මුද්‍රණය කළහොත් එක් චූදිතයකුට එය ලබා දීමට කොළ 1900ක් පමණ යන බවට පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට දන්වා සිටින ලදී. එබැවින් එය නීතිඥවරුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයට යැවීම හෝ CD තැටියකට දමා ලබා දීම කළ හැකි බවට පැමිණිලි පාර්ශවය වැඩිදුරටත් දන්වා සිටින ලදී.

එමෙන්ම පාර්ශවයන් අධිකරණයට දන්වා සිටින ලද්දේ ඇප සම්බන්ධයෙන් ලිඛිත සැළකිරීම් මත විශ්වාසය තබන බවයි.

මෙම නඩුව, නඩු විභාගය සඳහා 2023 වර්ෂයේ ජනවාරි 4 සහ 5 දිනයන්හී පස්වරු 1.30ට කැඳවීමට නියමිතය.

Leave a Reply