EA Info

2023.01.04 – පාස්කු ප්‍රහාරය හා සම්බන්ද 25 දෙනකුට එරෙහි ප්‍රදාන අපරාධ නඩුව

2023.01.04 – පාස්කු ප්‍රහාරය හා සම්බන්ද 25 දෙනකුට එරෙහි ප්‍රදාන අපරාධ නඩුව
පාස්කු ප්රහාරය හා සම්බන්ද 25 දෙනකුට එරෙහි ප්රදාන අපරාධ නඩුව—-
2023 වර්ෂයේ ජනවාරි මස 4වන දින (අද) චූදිතයින් 25 දෙනෙකුට එරෙහි පාස්කු ප්රහාරය හා සබැඳි HC(TAB) 2972/22 නඩුව කොළඹ ත්රිපුද්ගල මහාධිකරණයේදී කැදවන ලදී.
කෙසේ නමුත් 14වන චූදිත ක්ෂය රෝගය වැළදීම හේතුවෙන් අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුකොට ගෙන අධිචෝදනා කියවා දීම හෝ නඩු විභාගය අද දින සිදු නොවිණි. අදාල චූදිත අධිකරණයට රැගෙන ඒමට හැකි වන ලෙස ඔහුට සුව විය හැකි ආසන්න දිනයක්ද ඇතුලත්වන ලෙස වාර්තාවක් හෙට (5) දින පස්වරු 2ට ඉදිරිපත් කරන ලෙස නියෝග කරන ලද අතර නඩුව විභාග රෝලෙන් ඉවත් කොට හෙට දිනය කැඳවීම් දිනයක් ලෙසින් නඩු කටයුතු සිදු කිරීමට අධිකරණය තීරණය කරන ලදී.
මෙදින 1වන සහ 10වන චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රුෂ්ඩි හබීබ් මහතා චූදිතයින් වෙනුවෙන් විත්තිවාචකයක් ගොඩනැගීමට සහ සාධාරණ නඩු විභාගයක් උදෙසා ඇතැම් ලේඛන ඉල්ලා සිටි අතර ඒ අනුව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවද ඉල්ලා සිටින ලදී. එම ඉල්ලීම සම්බන්දව අධිකරණය සෑහීමකට පත් නොවීය.

 

Leave a Reply