EA Info

2023.08.09-HC TAB 2972/21

2023.08.09-HC TAB 2972/21

s

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති නඩුවේ අධිචෝදනා කියවා දීම තවදූරටත් …..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චූදිතයන් 25 දෙනෙකුට එරෙහිව ගොණු කර ඇති HC TAB 2972/21නඩුව, ත්‍රි පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කොළඹ මහාධිකරණයේදී අද දින (09) කැඳවන ලදී. 

අද දිනද මෙම නඩුවේ වැඩිදුරටත් අධිචෝදනා කියවා දීම සිදු විය. එහිදී 4521 වන අධිචෝදනාවේ සිට 7721 දක්වා අධිචෝදනා කියවා දෙන ලදී.

 

අධිචෝදනා විසිදහසකට අධික සංඛ්‍යාවක් සහිත මෙම නඩුවේ වැඩිදුරටත් අධිචෝදනා කියවා දීම සඳහා නැවතත් මෙම නඩුව 2023 අගෝස්තු මස 10 වන දින (එනම් හෙට දින) පස්වරු 2 ට කැඳවීමට නියම කරන ලදී.

Leave a Reply