EA Info

2023.09.10- ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය තරයේ හෙලාදකිනවා – කතෝලික සභාව

2023.09.10- ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදනය තරයේ හෙලාදකිනවා – කතෝලික සභාව

චැනල් 4 වීඩියෝව සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අමාත්‍යංශය නිකුත් කළ නිවේදනය තරයේ හෙලාදකින බවත් වගකීමක් ඇති රජයක් ලෙස පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයේ මැදිහත්වීමෙන් විනිවිදභායකින් යුක්තව පුළුල් විමර්ශනයක් සිදු කර පිළිගත හැකි වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් ශ්‍රී ලංකා කතෝලික සභාව වෙනුවෙන් මාධ්‍ය ප්‍රකාශයක් කරමින් ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමෝ පවසති.

ඊයේ (09) පෙරවරුවේ පැවති එම මාධ්‍ය හමුවේදි ජූඩ් ක්‍රිසාන්ත ප්‍රනාන්දු පියතුමා වැඩිදුරටත් දැක්ව අදහස්,

“වගකිවයුතු ආරක්ෂක අමාත්‍යාංශයක් විදිහට මේ කරන්නා වූ මාධ්‍ය නිවේදනය අපි මේක දකින්නේ බොහොම නිර්ලජ්ජිත, ඒ වගේම පල ප්‍රයෝජනයක් නැති අසාර්ථක වෑයමක් විදිහටයි. එකපාර මේ කප්‍රතික්ෂේප කිරීම තුළින් අපි දකින්නේ මේ චැනල් 4 නාලිකාව තුළින් කියවෙන සැකසහිත පුද්ගලයන්ට සුදු හුනු ගාලා, ඔවුන් නිවැරදි කරන්නට ගන්නා වූ අසාර්ථක නිරිලජ්ජිත ප්‍රයත්නයක් විදිහට තමයි අපි මේක දකින්නේ. වගකීමක් තියෙන රජයක්නම් ආරක්ෂක අමාත්‍යාංශයක්නම් මේ කරුණු කාරණා අපිට වැඩිය විමර්ශනාත්මකව පරීක්ෂණය කරලා ඒ තුළින් තමයි මෙවැනි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට ඕනේ.

අපි කියන්නෙ නැහැ සුරේෂ් සලේ මහත්තයව අල්ලලා එල්ලන්න කියලා. ගෝටාබය මහත්මයව සම්පූර්ණයෙන් හිර සඬුවම් දෙන්නට කියලා අපි කියනව නෙවෙයි. ඔවුන් ඔවුන් වැරදිකරුවන්මයි කියලා අපි සත්‍ය වශයෙන්ම ප්‍රකාශ කරනවා නෙවෙයි. අපි කියන්නේ කරුණාකරලා වගකීමක් තියෙන රජයක් විදිහට මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් කරන්න. විනිවද භාවයට පත්වුණු වාර්තාවක් ඉදිරිපත් කරන්න. අන්න එදාට අපි ඕගොල්ලො කියන දේවල් පිළිගන්නට සූදානම්.

ආරක්ෂක අමාත්‍යාංශයේ මේ මාධ්‍ය ප්‍රකාශනයේ තිබෙනවා මේ ප්‍රහාරය අන්තවාදී මුස්ලිම් පිරිසක් විසින් කරනලද ප්‍රහාරයක් කියලා. ජනාධිපති කොමිෂන් වාර්තාවේ කියනවා බුද්ධි අංශ මේවට සම්බන්ධයි, ආරක්ෂක අංශ මේවට සම්බන්ධයි කියලා. එහෙමනම් කොහොමද ආරක්ෂක අමාත්‍යාංශයෙන් මේ හිටපු ගමන් කියන්නේ බුද්ධි අංශය, ආරක්ෂක අංශ මේවට සම්බන්ධ නැහැයි කියලා. මේක මහ අපබ්‍රංශයක්නෙ. අර මෙච්චර මහන්සිවෙලා කරපු කොමිෂන් සභාවේ, ඒ වාර්තාවේ තිබෙනවා මේ බුද්ධි අංශ පිළිබඳව. එතකොට ඒක නිසා අපි දැන් අහන්නේ, ඇයි මේ වගේ නිර්ලජ්ජිත මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට ආරක්ෂක අමාත්‍යාංශය මේ කඩිමුඩියේ පියවර ගන්නේ කියලා. ඒ වගේම මේ මාධ්‍ය ප්‍රකාශය මම දකින්නෙ අපේ පාස්කු ප්‍රහාරයෙන් පිඩාවට පත්වුනු වින්දිත ජනතාවට කරන්නා වූ මහා සික්කිත ක්‍රියාවක්.”

Source- Lanka Truth

Leave a Reply