EA Info

2023.11.28- Web update – HC 148/2021 (Case against Ahnaf Jazeem)

2023.11.28- Web update – HC 148/2021 (Case against Ahnaf Jazeem)

අනාෆ් ජසීම් කවියාට එරෙහිව ගොණු කර ඇති නඩුව.

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ HC 148/2021 දරණ මහාධිකරණ නඩුව ඊයේ (27) දින පුත්තලම මහාධිකරණයේ නදී අපර් ණා සුවන්දුරුගොඩ මහාධිකරණ විනිසුරුතුමිය ඉදිරියේ කැඳවන ලදී. 
 
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වීමක් කරමින් සඳහන් කරන ලද්දේ, 2021 අගෝස්තු මස 12 වන දින මෙම නඩුව සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධි විධාන) පනත යටතේ වරදකට අදාළව චූදිතට එරෙහිව අධිචෝධනා ගොණු කර ඇති බවයි. එමෙන්ම පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 14න් පැමිණිල්ලේ සාක්ෂි අංක 1, 2, 4, 6, 8, 9 යන සාක්ෂිකරුවන් සාක්ෂි සඳහා කැඳවන ලද බවත්, ඉන් ඇතැම් සාක්ෂිකරුවන් පැමිණිල්ලට අගතිදායක සාක්ෂිකරුවන් ලෙස නම් වූ බවත් සඳහන් විය. ඒ අනුව අනෙකුත් සාක්ෂිකරුවන් නොකැඳවාම පැමිණිල්ලේ නඩුව අවසන් කරන බව සඳහන් කරන ලදී.   
 
අනතුරුව විත්තිකාරා පාර් ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහතාද කරුණු දැක්වීමක් සිදු කරන ලදී. එහිදී චුදිතව අත්අඩංගුවට ගන්නා ලද්දේ චූදිත විසින් රචිත කවි පොතක් සම්බන්ධයෙන් බවත්, මෙම මහාධිකරණ නඩුවේදී එම කවි පොත නඩු භාණ්ඩයක් ලෙස ගොණු කර නොමැති බවත් සඳහන් විය. එමෙන්ම මෙම චුදිතට විරුද්ධව පවත්වාගෙන යාමට තරම් නඩුවක් නොමැති බව සඳහන් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 200 වගන්තිය යටතේ චුදිතව නිදොස්කොට නිදහස් කරන ලෙස ඉල්ලා සිටින ලදී. 
 
චූදිතගෙන් විත්තිවාචක කැඳවන්නේ ද නැද්ද යන්න සම්බන්ධව නියෝගය සඳහා මෙම නඩුව 2023 දෙසැම්බර් මස 12 වන දින කැඳවීමට නියම කරන ලදී.     

Leave a Reply