EA Info

2023.11.28- Web update – HC (TAB) 107/2021 (Wanathawilluwa case)

2023.11.28- Web update – HC (TAB) 107/2021 (Wanathawilluwa case)

PUTTLAM /TAB 107/2021 යන වනාතවිල්ලුව ලැක්ටෝවත්තෙහි පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම හා සබැඳි ත්‍රිපුද්ගල මහාධිකරණ නඩුව

අබු හනීෆා මොහොමඩ් මුෆිස් හෙවත් මුෆිස් හෙවත් අබු දහිදා, අමීර් හම්සා මොහොමඩ් හමාස් හෙවත් හමාස් හෙවත් අබු සාෆියා, මොහොමඩ් සරීෆු ආදම් ලෙබ්බේ හෙවත් ගෆුර් මාමා හෙවත් ගෆුර් නානා හෙවත් අබු හදීද්, මොහොමඩ් ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා හෙවත් සාදික් හෙවත් සාදික් අබ්දුල්ලා හෙවත් අබු උමර්, මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නවුෆර් හෙවත් නවුෆර් මවුලවි හෙවත් අබු සෙයිද් සහ මොහොමඩ් රමීෂ් මොහොමඩ් සාජිද් හෙවත් සාජිද් මවුලවි හෙවත් අබු නජා යන විත්තිකරුවන්ට එරෙහිව ගොණු කර ඇති මෙම නඩුව ඊයේ (27) දින පුත්තලම මහාධිකරණයේදී කැඳවන ලදී.

විනිසුරු නිශාන්ත හපුආරච්චි මහතා, විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම සහ නයෝමි වික්‍රමසේකර විනිසුරුතුමිය යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලෙන් ඊයේ දින මෙම නඩුවේ අධිරණයේ කටයුතු සඳහා මහාධිකරණ විනිසුරු හසිත සමන් පොන්නම්පෙරුම මහතා පමණක් පැමිණ සිටියේය. මෙම නඩුව සබැඳි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුතුමන් මේ වන විට විශ්‍රාම ගොස් ඇති බවට සඳහන් කරන ලදී.

3 වන විත්තිකරු සබැඳි වෝයර් ඩයර් (voir – dire) විභාගය සඳහා 6, 7, 8, 10,14 සහ 15 යන සාක්ෂිකරුවන්ට සිතාසි නිකුත් කිරීමට ද මෙදින අවසර ලබා දෙන ලදී.   

මෙම නඩුව 2024 ජනවාරි මස 30වන දින2024 ජනවාරි මස 31 වන දින2024 පෙබරවාරි මස 01 වන දින යන දින ත්‍රිත්වයේදීත්  2024 පෙබරවාරි මස 27 වන දින, 2024 පෙබරවාරි මස 28 වන දින සහ 2024 පෙබරවාරි මස 29 වන දින යන දිනයන්ගේදී ද කැඳවීමට නියම කරන ලදී.  

Leave a Reply