EA Info

2024.01.18- දේශබන්දු ළඟ තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන ටිරාන්ගෙන් පොලීසියට චෝදනා

2024.01.18- දේශබන්දු ළඟ තියාගෙන පාස්කු ප්‍රහාරය ගැන ටිරාන්ගෙන් පොලීසියට චෝදනා

පොලීසියේ ඇතැම් නිලධාරීන් නිවැරදිව කටයුතු කළේ නම් පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව පැවතුණු බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය විසින් අද (18) සංවිධානය කර තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ටිරාන් අලස් මහතා මේ බව සඳහන් කළා.

පාස්කු ප්‍රහාරය මෙන්ම ඊට පෙර සිටම සිදු වූ සිද්ධි දාමයන් සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු තමා විසින් ඉතා සමීපව අධ්‍යනය කර ඇති අතර ඒ අනුව එය වළක්වා ගත හැකිව තිබුණු බව ඔහු තවදුරටත් සඳහන් කළා.

ටිරාන් අලස් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ, පොලීසියේ ඇතැම් අය නිවැරදිව ක්‍රියා කළේ නම් සහරාන් ඇතුළු පිරිස ප්‍රහාරයෙන් බොහෝ කාලයට පෙරදී අත්අඩංගුවට ගැනීමට හැකියාව පැවතුණු බවයි.

ඒ අනුව, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලීසිය විශාල අතපසු කිරීමක් සිදු කර ඇති බව පිළිගත යුතු යැයි ටිරාන් අලස් මහතා මෙහිදී ප්‍රකාශ කළා.

Source- News 19

Leave a Reply