EA Info

HC 3072/2021- Update

HC 3072/2021- Update
මොහොමඩ් ඊබ්‍රහිම් සහ තවත් දෙදෙනෙකුට එරෙහිව ගොණු කර ඇති නඩුවේ 3වන විත්තිකරුගේ ඇප ඉල්ලුම ඉවතට …..

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු ලැබී තිබියදීත් එය පොලීසියට වසන් කළේ යැයි චෝදනා කරමින් මොහොමඩ් ඊබ්‍රහිම් ඇතුළු විත්තිකරුවන් 03 දෙනෙකුට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරා ඇති HC 3072/2021නඩුව, මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කොළඹ මහාධිකරණ අංක 5 දී ජූලි මස 06 වන දින කැඳවන ලදී. 

මෙදින 3 වන විත්තිකරු වන ඉස්මයිල් අහමඩ්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් නියෝගයක් ලබා දී ඇති අතර මින් පෙර අවස්ථා 3කදීත් මෙම විත්තිකරු වෙනුවෙන් ඇප ඉල්ලුම් කර ඇත. මෙම නඩුවේ අනෙක් විත්තිකරුවන් දෙදෙනාට මේවන විටත් ඇප ලබා දී ඇත.

මොහොමඩ් ඉල්හාම් සහ මොහොමඩ් ඉන්සාෆ් යන මොහොමඩ් ඊබ්‍රාහිම්ගේ පුත්‍රයින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කර තිබුයේ සිනමන්ඩ් ග්‍රෑන්ඩ් සහ ෂැන්ග්‍රීලා යන හෝටල් දෙකටයි.

පූර්ව නඩු විභාගය සඳහා මෙම නඩුව 2023 සැප්තැම්බර් මස 22 වන දින කැඳවීමට නියම කරන ලදී.

Leave a Reply