EA Info

S.C. TAB NO.02/23 & S.C. TAB NO.03/23- Update

S.C. TAB NO.02/23 & S.C. TAB NO.03/23- Update
පාස්කු ප්‍රහාරය සම්බන්ධව හිටපු ආරක්ෂක ලේකම්වරයකුට හා පොලිස්පතිවරයකුට එරෙහිව කොළඹ ත්‍රි පුද්ගල මහාධිකරණයක විභාග වූ නඩු ද්විත්වයේ අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණයට……..
  

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ HC (TAB) 2899/2021 හා සම්බන්ධ අභියාචනය වූ S.C. TAB NO.02/23 සමඟින් හිටපු පොලිස්පතිවරයකු වූ පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයක විභාග වූ HC (TAB) 2900/2021 හා සම්බන්ධ අභියාචනය වූ S.C. TAB NO.03/23 යන අභියාචනා අද (4) දින ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පද්මන් සුරසේන මැතිතුමන්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මැතිතුමන්,  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ මැතිනිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මැතිතුමන් හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මැතිතුමන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන ලදී. 


එහිදී නීතිපති දෙපාර් තමේන්තුව වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරල් ප්‍රියන්ත නවාන මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් දිලීප පීරිස් මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් සුදර්ශන දි සිල්වා මහතා හා රජයේ අධිනීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටින ලදී. 

හිටපු ආරක්ෂක ලේකම්වරයකු වූ හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන් මහතා ඇතුළු නීතිඥවරුන්ද, හිටපු පොලිස්පතිවරයකු වූ පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් නීතිඥ රොෂාන් දෙහිදෙණිය මහතා ඇතුළු නීතිඥ මඩුල්ලක්ද පෙනී සිටින ලදී. 

මෙම  නඩු නැවතත් හෙට (5) දින  ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කැඳවීමට නියමිතය.

Leave a Reply