EA Info

2022.09.21 – පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් වන මලල්ගොඩ වාර්තාව CSR වෙත ලබාදීම සම්බන්දයෙන්

2022.09.21 – පාස්කු ප්‍රහාරය සම්බන්දයෙන් වන මලල්ගොඩ වාර්තාව CSR වෙත ලබාදීම සම්බන්දයෙන්
පාස්කු ප්රහාරය සම්බන්දයෙන් වන මලල්ගොඩ වාර්තාව CSR වෙත ලබාදීම සම්බන්දයෙන් සලකා බැලීමට තොරතුරු කොමිසමෙන් ඉදිරි දිනයක්
2022.09.21 වන අද දින, පාස්කු ප්රහාරයට අදාලව හිටපු ජනාධිපතිතුමා වන මෛත්රිපාල සිරිසේන මහතා විසින් පත් කරන ලද මලල්ගොඩ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ජනාධිපති ලේකම් කර්යාලයෙන් ඉල්ලා සිටිමින් සමාජය හා සාමයික කේන්ද්රය (CSR) කරන ලද තොරතුරු ඉල්ලීම හා සබැඳි අභියාචනා විභාගය තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාව ඉදිරියේ විභාග විය. එහිදී දෙපාර්ශවය විසින් කරන ලද වාචික කරුණු දැක්වීම් හමුවේ ලිඛිත කරුණු දැක්වීම් ගොණු කිරීම සඳහා කොමිෂන් සභාව දින නියම කරන ලදී. ඒ අනුව, පොදු අධිකාරිය වන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට, 2022.10.06 දිනට පෙරත්, අභියාචක හට 2022.10.20 දිනට පෙරත් ලිඛිත කරුණු දැක්වීම් ඉදිරිපත් කරන ලෙස නියම කරන ලද අතර මෙම අභියාචනය නැවත 2022.11.09 දින පස්වරු 3 ට විභාග කිරීමට නියමිතය.

Leave a Reply

Translate »