EA Info

2024.01.16- Case against Hejaaz Hisbullah (Sinhala)

2024.01.16- Case against Hejaaz Hisbullah (Sinhala)
හිජාස් හිස්බුල්ලා හා තවත්ට අයෙක්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොණු කර ඇති නඩුව.
හිජාස් ඔමර් හිස්බුල්ලා සහා සලීම්කාන් මොහොමඩ් ශාකීල්ට එරෙහිව පුත්තලම මහාධිකරණයේ ගොණු කර ඇති නඩුව (HC 78/2021) අද (16)මහාධිකරණ විනිසුරු නදී අපර් ණා සුවන්දුරුගොඩ විනිසුරුතුමිය ඉදිරියේ කැඳවන ලදී.
මෙදින විත්තිකාර හිජාස් ඔමර් හිස්බුල්ලා වරදකරුවකු නොවන බව විශ්වාස කරන කතෝලික පියතුමන්ලා සහ කන්යා සොහොයුරියන් මෙම නඩුව නිරීක්ෂණය සදහා පැමිණ සිටීම සුවිශේෂී තත්ත්වයක් විය.
මෙහිදී පැමිණිල්ලේ සාක්ෂි අංක 76 වූ හිටපු කොටුව මහේස්ත්රාත්තුමන් වූ රංග ශ්රීනාත් අබේවික්රම මහතා (වර්තමාන බලපිටිය මහාධිකරණ විනිසුරු) සාක්ෂි ලබා දෙන ලදී. ඒ අනුව එම සාක්ෂිකරුගෙන් නියෝජ්ය සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා මූලික ප්රශ්න ඇසීම සිදු කරන ලදී. අනතුරුව විත්තියේ නීතිඥවරුන් හරස් ප්රශ්න ඇසීම සිදු කරන ලදී. එහිදී මොහොමඩ් මලීක් සහ මොහොමඩ් ෆවුසාන් යන සාක්ෂිකරුවන් අද දින සාක්ෂියට පැමිණි විනිසුරුතුමන් ඉදිරියේ ලබාදෙන ලද ප්රකාශයන් ස්වේච්ඡාවෙන් කරන ලද්දේද යන්න සම්බන්ධයෙන් ප්රශ්න කරන ලදී. සාක්ෂිකාර විනිසුරුතුමන්ගෙන් නැවත ප්රශ්න ඇසීමද මෙදින සිදු විය.
මීළඟ නඩු දිනයේ අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස දන්වා පැමිණිල්ලේ සාක්ෂි අංක 24,31,38 සදහා සිතාසි නිකුත් කිරීමට නියම කරන ලදී.
2024 මාර් තු 01 මෙම නඩුව නැවත වැඩිදුර විභාගය සඳහා කැඳවීමට නියමිතය.

Leave a Reply