EA Info

2022.10.14 – මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්දව ඔහුට විරුද්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති පුද්ගලික නඩුව සදහා අධිකරණයට පැමිනේ

2022.10.14 – මෛත්‍රිපාල සිරිසේන පාස්කු ප්‍රහාරය සම්බන්දව ඔහුට විරුද්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති පුද්ගලික නඩුව සදහා අධිකරණයට පැමිනේ

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලික පැමිණිල්ලක් ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව ගොනු කර තිබූ 23084/22 නඩුව අද (14) දිනයේදී ද කැදවන ලදී.

මෙම නඩුවට සමගාමීව අභියාචනාධිකරණයේ පවරා තිබූ Writ 354/22 නඩුවේ දී අභියාචනාධිකරණ විනිසුරුවරුන් අද දින ලබා දුන් නියෝගය අභියාචනාධිකරණයේ රෙජිස්ටාර්වරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කර ඇත. අභියාචනාධිකරණයේ නියෝගය සැලකිල්ලට ගත් කොටුව මහේස්ත්‍රාත්තුමන් අද දින කිසිදු නියෝගයක් ලබා නොදෙන බවට පාර්ශවයන්ට දන්වන ලදී. ඒ අනුව අද සිට සති 10කින් අනතුරුව මෙම නඩුව 2023 වර්ෂයේ ජනවාරි මස 27 වන දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතය.

මෙම නඩුවේ විත්තිකරු වන හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද පෙර දිනයක නිකුත් කරන ලද නොතීසිය අනුව අද දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටියේය.

 

Leave a Reply